Celebrity Gossip

ජනප්‍රිය නිලි මේධා ජයරත්නගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පුතයි දුවයි එකතු වෙලා දීපු අපූරු සප්‍රයිස් පාටිය

අපේ රටේ ඉන්න ඉතාම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියලා කියන්නේ. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුල වගේම අපේ රටේ නිතරම කතා බහට ලක්වෙන ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් හදුනවලා දෙන්න පුළුවන්. කොහොම නමුත් තමාට අවේනික වුනු රංගන කව්ෂල්‍යකින් එදා මේද තුර ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලබන ඇයගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා.

ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාව වෙනුවෙන් ඇයගේ ආදරණීය දුවයි පුතයි වගේම යාළුවොත් එකතු වෙලා බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් ඇය විවාහ වෙලා සිටි අපේ රටේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදක වරයෙක් වන සුරංග ලක්මාල් සෙනෙවිරත්නගෙන් ඇය දැන් දික්කසාද වෙලා ආදරණීය දරුවන් දෙදෙනා සමඟ තමයි ජීවත් වෙන්නේ.

ඉතින් ඒ වගේම කාන්තාවක් විදියට තනිවම ජීවිතයට මුහුණ දෙමින් විවිධ අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම යන සුන්දර කාන්තාවක් විදිහටත් ජනප්‍රිය නිලි මේධා ජයරත්නව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් මේතාක් කවුරුත් දැකපු නැති ජනප්‍රිය නිලි මේධා ජයරත්න ඇයගේ ආදරණීය දරුවන් දෙදෙනා සමඟින් උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම ඊයේ දිනයේදී උපන්දිනය සමරපු මේ සුන්දර නිලියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.