Celebrity Gossip

ජනප්‍රිය නිලි ආශා එදිරිසිංහ උපන්දිනය සමරන ගමන් දෙමව්පියන් මතක් කරමින් කියූ සංවේදී කතාව

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන සුන්දර අවිහිංසක කළා ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය සුන්දර රංගන ශිල්පිනිය ගැන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම නමුත් ආශා එදිරිසිංහ කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම ගායන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. කාලයක් පුරාවටම ඇය ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයේ සම්මානනීය තාරකාවක් බවට පත්වෙලා හිටියා. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කාගේත් ආදරයට ගෞරවයට වගේම කතා බහට ලක් වන අපේ ආදරණීය රංගන ශිල්පිනියගේ අධ්‍යාපනය ගැන කතා කරද්දී ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ සහ කළමනාකරණ පීඪයේ උපාධියක් ලබාගෙන තියනවා. කොහොම නමුත් කවුරුත් ආදරය කරන මේ සුන්දර රංගන ශිල්පිනියගේ උපන්දිනය ඊයේ දිනට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය බොහොම සංවේදී සටහනක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා වලට එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මගේ පලවෙනි උපන් දිනයට මගේ තාත්තා ගෙන් ලැබුනු උපන් දින සුභ පැතුම්පතත්, මගේ හතරවන උපන් දිනය වෙනුවෙන් තාත්තා දුන් මේ බැලේ ගවුමත්, මා ගාව තාමත් ආදරණීය මතකයන් ලෙස තිබුනත්. අද මගේ තාත්තා මා ගාව නෑ. ඉතිං හැමදාම මගේ උපන් දිනය දවසට. තාත්තා මට පලවෙනි උපන් දිනය වෙනුවෙන් එවූ මේ ආදරණීය සුභ පැතුම මුලින්ම මං කියවනවා. අද උදෑසනම අම්මාගෙන් ලද මේ උපන් දින සුභ පැතුමත්. මගේ පලවෙනි උපන් දිනයට තාත්තාගෙන් ලැබූ උපන් දින සුභ පැතුමත්. මගේ අද දවස සුවදවත් කරා යනුවෙන් බොහොම සංවේදී සටහනක් ඇය විසින් එකතු කරලා තිබුණා. ඉතින් ඒත් එක්කම ඉතාමත්ම සුන්දර ඡායාරූප එකතුකරමින් ඇයගේ ආදරණීය පියාණන් විසින් ඇයගේ පලවෙනි උපන්දිනයට ලබා දුන්න සුබපැතුම් පතක ඡායාරූප කිහිපයකුත් ඇය මේත් එක්ක එකතු කරලා තිබුණා. ඉතින් එම සුපැතුම් කාඩ් පත් වල මෙන්න මේ විදිහටයි සඳහන් වෙලා තිබුනේ.

ඉතින් ඇයගේ ආදරණීය පියාණන් වගේම ඇයගේ ආදරණිය මෑණියන් ඒ විදිහටයි ඇය වෙනුවෙන් සුබපැතුම් එකතු කරලා තිබුනේ. කොහොම නමුත් ඇය ඒවායේ ඡායාරූපත් එකතු කරමින් උපන්දිනය දවසේ සංවේදීව ඇයගේ ආදරණීය දෙමව්පියන්ව සිහිපත් කරලා තිබුනේ ඒ විදිහටයි.

ඉතින් ඒත් එක්කම කවුරුත් ආදරය කරන අපේ සුන්දර රංගන ශිල්පිනිය ආශා එදිරිසිංහට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ ඉදිරි කළා කටයුතු වගේම පෞද්ගලික ජීවිතේත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.