Celebrity Gossip

ජනප්‍රිය නළු සංගීත් ප්‍රභූ කළා තරු පිරිවරාගෙන ඔහුගේ 27වන උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

සංගීත් ප්‍රභූ කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන නිරන්තරයෙන්ම කාගේත් ආදරයට වගේම කතාබහට ලක්වෙන ආදරණීය කඩවසම් නවක රංගන ශිල්පියෙක්. ඉතින් ඒ වගේම නළුවෙක් වෙන්න හිතාගෙන අනුරාධපුරෙන් කොළඹට ආපු කොල්ලෙක් සෑහෙන කට්ටක් කාලා අද බොහෝ දෙනකුගේ ආදරය ලබන නළුවෙක් වෙලා. ඒ වගේම පුංචි තිරය ඔස්සේ එකිනෙකට වෙනස් චරිත හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් අතරට එන ඔහු මේ වනවිට අපේ රටේ ටෙලිනාට්‍ය රැසකටම රංගන දායකත්වය ලබා දීලා තියනවා. මේ දවස්වල නම් සංගීත් බොහෝ දෙනාගේ හිත දිනාගෙන ඉන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කවඩියාගේ චරිතය හරහායි. අම්මා දැකපු හීනය හැබෑ කර විවිධ කඩඉම් පසුකරමින් තමන්ගේ ගමන යන සංගීත් දැනටමත් අපේ රටේ දක්ෂ ජනප්‍රිය බැබලෙන කළා තරුවක් වෙලා හමාරයි. කොහොම නමුත් කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පියාගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුගේ කළා ක්ෂේත්‍රයේ ඉන්න අපේ රටේ ඉතාම ජනප්‍රිය මිතුරු මිතුරියන් එකතු වෙලා ඔහුට හරි අපූරු සප්‍රයිස් පාර්ටියක් ලබා දීලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ විදිහට සමරලා තිබුනේ සංගීත්ගේ 27වන උපන්දිනය කියලයි අපටනම් දැන ගන්න ලැබුනේ. ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති දක්ෂ රංගන ශිල්පියෙක් වන සංගීත් ප්‍රභූ ඔහුගේ 27වන උපන්දිනය ජයටම සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒත් එක්කම ජනප්‍රිය නළු සංගීත් ප්‍රභූට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබ පතන ගමන් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.