Celebrity Gossip

ජනප්‍රිය නළු පුබුදු චතුරංග ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ මාෂිගේ උපන්දිනය වෙනුවෙන් කියූ ප්‍රේමනීය කතාව

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න ජනප්‍රියම සිනමා තාරකාවන් කිහිප දෙනා අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියලා කියන්නෙත් ඉතාමත් දක්ෂ සුරූපී කළා තරුවක් විදිහට හදුන්වන්න පුළුවන්. ඉතින් පුබුදු චතුරංග වගේම පුබුදුගේ පෙම්වතිය වෙලා හිටපු කාලේ ඉදන් දැන් බිරිද උනායින් පසුවත් මාෂි සිරිවර්ධන ගැනත් නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා අපිට දකින්න ලැබෙනවා. පුබුදු චතුරංග ගැන කතා කරද්දීම දැන් නිරන්තරයෙන්ම මතක් වෙන නමක් තමයි පුබුදුගේ ආදරණීය සුන්දර බිරිද මාෂි කියන්නේ. ඉතින් මාෂි සිරිවර්ධන නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම්වලිනුත් කාගෙත් ආකර්ශනය වගේම ආදරය දිනාගත්ත කෙනෙක්. ඉතින් ඒ වගේම ද නිවුස් පේපර් කියන චිත්‍රපටයෙනුත් ඇයගේ රංගනයන් අපිට දැකබලා ගන්න පුළුවන් වුණා.

කොහොම නමුත් අද මාෂිගේ උපන්දිනය. ඉතින් පුබුදු ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට ආදරණීය සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. සුබ උපන්දිනයක් වේවා මගේ ආදරි. හොඳම බිරිඳ සහ මගේ හොඳම මිතුරිය හැමදාමත් ඔබ. මගේ ජීවිතේ දුෂ්කර මාවතේ ඔබ මා අසල හිටියා. ඔබ මට කොයි තරම් විශේෂද කියලා විස්තර කරන්න වචන නැහැ. අද දවස වෙනදාටත් වඩා සුවිශේෂී වෙන්න කියලා මන් ඔබට ප්‍රාර්ථනා කරනවා. මගෙන් සුබ පැතුම්. ඔබට සුබ උපන්දිනයක් වේවා කියලයි පුබුදු චතුරංග ඒ විදිහට උතුරා යන සෙනෙහසින් ඔහුගේ සුන්දර බිරිඳට ආදරණීය සුබපැතුමක් එකතු කරලා තිබුනේ. ඉතින් අපිත් මාෂිට සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment