Celebrity Gossip

ජනප්‍රිය නළු කැළුම් ශ්‍රී ගේ ආදරණීය බිරිද දුලීගේ උපන්දිනය පුතු පැටියත් එක්ක ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියලා කියන්නේ. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරය දිනාගත්ත ඔහු ඊට පස්සේ ටෙලිනාට්‍ය ගණනාවක වගේම මියුසික් වීඩියෝ රැසකටම රංගනයෙන් දායකත්වය ලබාදීලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම පහුගිය කාලයේ පැවති හිරු මෙගා ස්ටාර් රියැලිටි වැඩසටහන හරහා ඔහුගේ නර්තන හැකියාවද ප්‍රේක්ෂකයින්ට දැක බලා ගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම ඔහු පහුගිය කාලේදී යුගදිවියට පිවිසුණු බව මේ වනවිට නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් මේ විදිහට ඔහුගේ අතිනත ගත්තේ සුන්දර නර්තන ශිල්පිනියක් වන දුලී ෆර්නැන්ඩු විසිනුයි. කොහොම නමුත් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන මේ දෙන්නා හා හා පුරා කියලා මේ වන විට උතුම් මව් පිය පදවියත් ලබලයි තියෙන්නේ. ඒ දුලී පුංචි පුතු පැටියෙක් මෙලොවට බිහි කිරීමත් සමඟයි.

ඉතින් මේ ආදරණීය යුවලගේ හුරතල් චූටි පුතු පැටියවත් එකතු කරගෙන කැලුම් ශ්‍රී ගේ ආදරණීය සුන්දර බිරිඳ දුලීගේ උපන්දිනය පහුගිය දවසක ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ ආදරණීය සුන්දර අවස්ථාව කැමරා කාචයට හසු කරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් මේ අපූරු අවස්ථාවේදී මේ ආදරණීය පුංචි කැදැල්ලේ සුන්දරත්වය තව තවත් කැපී පෙනන අයුරින් ඔවුන්ව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරණයේ ප්‍රමුඛ පෙලේ නමක් දිනාගෙන ඉන්න ඡායාරූපකරන ආයතනයක් වන ඕපන් ස්කයි ඡායාරූපකරන ආයතනය විසිනුයි.

ඉතින් මේ පහුගිය දවසක උපන්දිනය සමරපු කැලුම් ශ්‍රී ගේ ආදරණීය සුන්දර බිරිඳ දුලීට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පැතුම් එකතු කරමු. ඒත් එක්කම මේ ආදරණීය යුවලට වගේම ඔවුන් දෙදෙනා අතරට කිරී සිනහව අරගෙන ආපු පුංචි පැටියටත් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් හැමදාමත් මේ ආදරණීය පුංචි කැදැල්ලට මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.