Celebrity Gossip

ජනප්‍රිය නළු කැළුම් ශ්‍රී ගේ ආදරණීය පුංචි පුතුගේ පළමු උපන්දිනය වෙනුවෙන් කරපු අපූරු ෆොටෝශූට් එක

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියලා කියන්නේ. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරය දිනූ ඔහු ඊට පස්සේ ටෙලිනාට්‍ය ගණනාවක වගේම මියුසික් වීඩියෝ රැසකටම රංගනයෙන් දායකත්වය ලබාදුන්නා. ඉතින් ඒ වගේම පහුගිය කාලයේ සිරස නාලිකාවේ විකාශනය වුනු රැස් ටෙලිනාට්‍ය හරහා දකින්න ලැබුණු මේ කඩවසම් රංගන ශිල්පියාව මේ දිනවල අපට දිවිතුරා ටෙලිනාට්‍ය හරහා දකින්න ලැබෙනවා. කොහොම නමුත් රංගනය වගේම සාර්ථක පවුල් ජීවිතයකුත් ගත කරන ඔහුගේ අතිනත ගත්තේ සුන්දර නර්තන ශිල්පිනියක් වන දුලී ප්‍රනාන්දුයි.

01

ඉතින් දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබාදෙමින් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන මේ දෙන්නා හා හා පුරා කියලා මේ වන විට උතුම් මව් පිය පදවිය ලබපු බවත් දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ඒ දුලී පුංචි පුතු පැටියෙක් මෙලොවට බිහි කරමින්. කොහොම නමුත් මේ පුංචි පුතා මෙලොව එලිය දැකලා දැන් අවුරුද්දකුත් ගත වෙලා.

02

ඉතින් මේ ආදරණීය යුවලගේ හුරතල් චූටි පුතු පැටියාගේ පලවෙනි උපන්දිනය වෙනුවෙන් බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව පවත්වලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ ආදරණීය දවස අමතක නොවන දවසක් කරගන්න මේ ආදරණීය පුංචි පවුලේ හැමෝම එකතු වෙලා ලස්සන ෆොටෝශූට් එකක් කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා.

03

ඉතින් මේ අපූරු අවස්ථාවේදී මේ ආදරණීය පුංචි කැදැල්ලේ සුන්දරත්වය තව තවත් කැපී පෙනන අයුරින් ඔවුන්ව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරණයේ ප්‍රමුඛ පෙලේ නමක් දිනාගෙන ඉන්න ඡායාරූපකරන ආයතනයක් වන LIFE STORY ඡායාරූපකරන ආයතනයේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ගයාන් කරුණාරත්න ඡායාරූප ශිල්පියා විසිනුයි.

04

ඉතින් මේ අද දින උපන්දිනය සමරණ කැලුම් ශ්‍රී ගේ ආදරණීය පුතුට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පැතුන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

05

06

07

08

09

10

11

12

13

14

15