Celebrity Gossip

ජනප්‍රිය නලු හර්ෂන බෙත්මගේ සහ ආදරණීය බිරිද එයාලගේ 1වෙනි විවාහ සංවත්සරේ ජයටම සමරපු හැටි

පුංචි තිරය තුලින් විවිධ කලා නිර්මාණයන් හරහා ප්‍රේක්ෂකයින් අතරට එන අපේ රටේ කවුරුත් ආදරය කරන තාරුණ්‍යය නියෝජනය කරන ඉතා ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් විදිහට හර්ෂණ බෙත්මගේ හදුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි හර්ෂණ පහුගිය කාලේ අරුණි නදීෂානි සමඟින් යුග දිවියට ගිය බවත් නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ ආදරණීය යුවලගේ පළමු විවාහ සංවත්සරය අද දිනට යෙදිලා තියනවා.

ඉතින් මේ වෙද්දී කටත් ආදර්ශයක් ලබා දෙමින් තමන්ගේ ආදරණීය සුන්දර බිරිඳ අරුණි නදීෂානිත් එක්ක සාර්ථක යුග ජීවිතයක් ගත කරන හර්ෂණ ගැන අපි නිරන්තරයෙන්ම රසබර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති. කොහොම නමුත් ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් මේ ආදරණීය යුවල ලස්සන කේක් එකක් කපලා මේ සුන්දර අවස්ථාව බොහොම ආදරණීය විදිහට සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ ආදරණීය දවස වෙනුවෙන් ජනප්‍රිය නළු හර්ෂණ බෙත්මගේ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වල සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ ඔබ මගේ ජීවිතයයි, සුභ සංවත්සරයක් වේවා මගේ ආදරණීය බිරිඳ, ඔබව මට ලැබීමට මම ගොඩක් වාසනාවන්තයි කියලයි. කොහොම නමුත් මේ ආදරණීය යුවල පළමු විවාහ සංවත්සරය ප්‍රේමනීයව සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒත් එක්කම අද දින පළමු විවාහ සංවත්සරය සමරන මේ ආදරණීය යුවලට අපිත් සුබ පතන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ යුවලගේ යුග ජීවිතය වගේම කළා කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.