Celebrity Gossip

ජනප්‍රිය ගායක රොෂාන් ප්‍රනාන්දුගේ පියාණන්ගේ 70වන උපන්දිනය පවුලේ හැමෝමත් එක්ක සමරපු හැටි

අපේ රටේ කවුරුත් ආදරය කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වුනු දිදුලන සංගීත ශිල්පියෙක් තමයි ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු කියන්නේ. තව එකසැරයක්, ඔබ හරිම ලස්සනයි නංගියේ, පෙරදා හඬවා ගියා ඔයා වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් ඔහු අපේ රටේ කාගේත් හිත් සොරාගත් දක්ෂ ගායන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි.

ඉතින් මේ රටක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියාගේ ආදරණීය පියාණන්ගේ 70වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් පවුලේ හැමෝම වගේම රොෂාන්ගේ සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පීන් කිහිප දෙනෙකුත් එකතු කරගෙන මෙම අපුරු අවස්ථාව ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම රොෂාන් ප්‍රනාන්දුගේ බිරිඳටත් ගීත ගායනා කිරීමේ හොඳ හැකියාවක් තියනවා කියන එක අපේ රටේ බොහෝ දෙනෙක් දැනගත්තේ ඔවුන් දෙදෙනාගේ යුග ගායනයක් වුන පහුගිය කාලයේ අපෙ රටේ අතිශය ජනප්‍රිය සුපෙම් සුවඳක් අරන් ගීතයේ ගායනයත් සමගයි.

ඉතින් ඒ වගේම පසුගිය දවස්වල රටේ තිබ්බ තත්වයත් එක්ක රොෂාන් ඉඳලා තියෙන්නේ ගෙදරට කොටුවෙලා, ඒ කාලේ ගෙදර ලොකු ලොකු වෙනස්කම් කිහිපයක්ම වුනා කියලායි රොෂාන් කියන්නේ. මොකද ඒ දවස්වල එයාලා කාලා තියෙන්නේ ඔහුගේ ගෙවත්තේ වගා කල එළවලු නිසා ඇත්තටම ඒක ගොඩක් ලොකු වෙනසක් කියලා තමයි ඔහුනම් කියන්නේ.

කොහොම නමුත් මේ දක්ෂ ගායන ශිල්පියාගේ පියාගේ 70වන උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම රොෂාන්ගේ පියාණන්ට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබ පතන ගමන් නිදුක් නිරෝගී දිර්ගයුෂ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.