Celebrity Gossip

ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි බැන්ද සුරූපී නිලි ෂෙරිල් ඩෙකර් නැවතත් ඉන්දියානු මනාලියක් වෙයි

අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සුරූපී නිරූපණ ශිල්පිනියක් තමයි ෂෙරිල් ඩෙකර් කියලා කියන්නේ. කොහොම නමුත් ෂෙරිල් ඩෙකර් කියලා කියනවාට වඩා තවමත් ඇයව බොහෝ දෙනෙක් හදුනන්නේ අමා ලෙසයි. අමා ටෙලිනාට්‍යයේ අමාගේ චරිතයට පණ පෙවූ ඇය තාමත් කාගේත් මතකයේ රැදී තිබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම කළා නිර්මාණ තුලින් ඉඳ හිට දකින්න ලැබෙන්න ඇය විවාහ වෙලා ඉන්නෙත් අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි සමඟ කියන්නත් නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් කවුරුත් ආදරය කරන මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක ලස්සන ඉන්දියානු මනාලියක්ව සැරසිලා බොහොම අපූරු සුන්දර ෆොටෝශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම ලස්සන කඩවසම් තරුණයෙකුත් එකතු කරගෙන කවුරුත් ආදරය කරන අමා කරපු අලුත්ම ෆොටෝ ශූට් එකේ අපූරු ඡායාරූප පෙළ මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන WeddRing Photography ආයතනයේ උදේෂ් කුරුප්පු කියන ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති අමා ලෙසින් රටේම ආදරය දිනා ගත සුරූපී නිලි ෂෙරිල් ඩෙකර් සුන්දර ඉන්දියානු මනාලියක්ව සැරසිලා කරපු අලුත්ම ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.