Celebrity Gossip

ජනප්‍රිය ගායක කිංග්ස්ලි පීරිස්ගේ ආදරණීය පුතනුවන් වන කවිදුගේ උපන්දිනය ජයටම සමරපු හැටි

අපේ රටේ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය තුල දක්ෂ වාදකයෙක් වගේම ගායකයෙක් විදිහටත් අතිශය ජනප්‍රියත්වයක් උසුලන ආදරණීය ප්‍රවීන සංගීත වේදියෙක් තමයි කිංග්ස්ලි පීරිස් කියලා කියන්නේ. ෆ්ලෑෂ්බෑග් සංගීත කණ්ඩායමේ ආරම්භයේ සිටම නිත්‍ය ගායන ශිලිපියෙකු ලෙස ඔහු කටයුතු කරනවා. ඉතින් ඒ වගේම අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත තරුවක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ රටක් ආදරය කරන කළා කරුවාගේ ආදරණිය පුතනුවන්ගේ උපන්දිනය පහුගිය දවසක දවසක යෙදිලා තිබුණා.

ඉතින් ඒ වෙනුවෙන් පවුලේ හැමෝම එකතු වෙලා බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේදී කැමට කාචයට හසුකරගත්ත ආදරණීය ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් මේ ජනප්‍රිය ගායක කිංග්ස්ලි පීරිස්ගේ ආදරණීය පුතනුවන් වන කවිදු පීරිස් කියලා කියන්නෙත් පියාගේ අඩි පාරේම යමින් කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන ගායන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම කවිදු මේ වනවිට Sensate සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහටත් කටයුතු කරනවා.

ඉතින් ඒ වගේම කිංග්ස්ලි පීරිස් සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ විවාහ ජීවිතයට වසර 26ක් වෙන්නත් ආසන්නයි. ඔවුන්ගේ 25වන විවාහ සංවත්සරය වෙනුවෙන් මේ ආදරණීය කැදැල්ලේ අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවත් අපිට පහුගිය දවස් වල සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණා.

ඉතින් මේ පහුගිය දවසක උපන්දිනය සමරපු කවිදුට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒත් එක්කම මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරමු.