Celebrity Gossip

ජනපති සහ අගමැතිගේ ආශීර්වාදයෙන් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගේ ආදරණීය දියණිය යුග දිවියට

දේශපාලන ලෝකයේ කවුරුත් ආදරය කරන ක්‍රියාකාරී චරිතයක් වගේම මේ දිනවල කාගේත් කතා බහට ලක්වෙන දේශපාලඥවරයෙක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල කියලා කියන්නේ. ඉතින් මේ කෙහෙළිය රඹුක්වැල්ලගේ ආදරණීය පුතු තමයි රමිත් රඹුක්වැල්ල කියලා කියන්නේ. ඔහු ගැනත් නිතරම සමාජ මාධ්‍ය තුල කතා බහට ලක්වෙනවා අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ආදරණීය දියණිය වන අමාලි රඹුක්වැල්ලගේ විවාහ මංගල උත්සවය පහුගිය දිනක අති උත්කර්ෂවත් අයුරින් පවත්වලා තිබුණා. ඉතින් ඒ අපේ රටේ සුපිරි පෙලේ හෝටලයක් වන කොළඹ පිහිටි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී.

ඉතින් ඒ වගේම අපූරු සුන්දර අවස්ථාවට අපේ රටේ වත්මන් ජනාදිපතිතුමන වන ගරු ඝෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනපති බිරිඳ අයෝමා රාජපක්ෂ මැතිණියද සහභාගි වෙලා තිබුණා. ඉතින් ඒ වගේම අපේ රටේ වත්මන් අගමැති තුමන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ එතුමන්ගේ ආදරණීය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියද ඇතුළු මැති ඇමති වරුන් විශාල පිරිසක්ද මේ අපූරු අවස්ථාවට එක්ව සිටියා.

ඉතින් ඒ වගේම කෙහෙළිය රඹුක්වැල්ල අමත්‍යවරයාගේ දියණීය විවාහ වූයේ ඉසුරු පොල්ගස්දෙනිය සමඟයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ අපූරු සුන්දර අවස්ථාවේදී ලබාගත්ත ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම අපේ රටේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ආදරණීය දියණියට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ ආදරණීය යුවලගේ ඉදිරි විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.