Celebrity Gossip

ජනපති ලේලිය සෙව්වන්දි රාජපක්ෂ අලුත උපන් දූ පැටියත් තුරුලු කරන් ඇමරිකාවේ ඉදන් උපන්දිනය සැමරූ හැටි

අපේ රටේ වත්මන් ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය කාලේ සීයා කෙනෙක් බවට පත්කරමින් එතුමන්ගේ ආදරණීය එකම පුතු මනෝජ් රාජපක්ෂ මහතාගේ ආදරණීය සුන්දර බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය දියණියක් බිහි කරමින් මීට මාස කිහිපයකට පෙර උතුම් මව් පදවිය ලැබුවා. ඉතින් ඒ ගැන මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ආදරණීය එකම පුතනුවන්වන මනෝජ් රාජපක්ෂ මේ වනවිට ආදරණීය බිරිඳ සහ අලුත උපන් දූ සිගිත්තියත් එක්ක ඇමරිකාවේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ මනෝජ් රාජපක්ෂ සහ සෙව්වන්දි රාජපක්ෂ යුවල 2011 වර්ෂයේදී තමයි විවාහ වුනේ. එම විවාහය කොලඹ හිල්ටන් හෝටලයේදී තමයි සිදුවුනේ. ඉතින් මේ මනොජ් රාජපක්ෂගේ බිරිඳ සෙව්වන්දි, චන්ද්‍ර ලියනආරච්චි යුවලගේ දියණියයි. ඔවුන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ පාර්ශවයේ සමීප ඥාතීන් බවයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් මනෝජ් රාජපක්ෂ මහතා කුඩා කාලයේ සිටම ඇමරිකාවේ අධ්‍යාපනය ලබලා තියෙනවා. රවිද් මධ්‍යම විද්‍යාලයෙන් ප්‍රථම වරට අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතියික අධ්‍යාපනය කෙරීනා උසස් විද්‍යාලයේදී ලබා ගෙන තියනවා. ඉතින් දැන් ඔහු ඔහුගේ ආදරණීය පවුල සමඟ ඇමරිකාවේ දිවි ගෙවන නිසා ලංකාවට එන්නේ ඉතාම කලාතුරකින්.

ඉතින් ඒ වගේම අලුත උපන් පුංචි සිගිති දියණිය බලන්න ඇයගේ අත්තම්මා, ජනාධිපති ආර්යාව මීට මාස කිහිපයකට පෙර ඇමරිකාවට ගිහින් තිබුන බවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සිය මිණිබිරියව ප්‍රථම වතාවට හුරතල් කිරීමට අවස්ථාවක් පහුගිය දවසක උදා වෙලා තිබුණා. ඉතින් ඒ වගේම ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේලිය වන සෙව්වන්දි රාජපක්ෂගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාව ඇමරිකාවේ ඉදන් බොහොම අපූරුවට සමරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේ ලබාගත්ත ආදරණීය ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඒත් එක්කම පහුගිය දවසක උපන්දිනය සමරපු ජනපති ලේලියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබපතන ගමන් මේ ආදරණීය කැදැල්ලට තරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.