Celebrity Gossip

ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ආදරණීය බිරිද අයෝමා මැතිණියගේ උපන්දිනේ වෙනුවෙන් සුබපැතූ හැටි

අපේ රටේ කවුරුත් ආදරය කරන නිතරම කාගේත් කතා බහට ලක්වෙන අපේ රටේ වත්මන් ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ආදරණීය බිරිඳ අයෝමා රාජපක්ෂ මැතිණියගේ උපන්දිනය අද දිනට යෙදිලා තියෙනවා.

ඉතින් ඒ වෙනුවෙන් අපේ ජනාධිපතිතුමන් ඔහුගේ ආදරණීය බිරිඳ අයෝමා රාජපක්ෂ මැතිණිය වෙනුවෙන් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට අපූරු ආදරණීය උපන්දින සුබපැතුමක් එකතු කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

සුබ උපන්දිනයක් අයෝමා. වසර ගණනාවක් තිස්සේ ඔබ මට ලබා දුන් සහයෝගයට ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි කියලයි අපේ ජනාධිපති තුමන් ඔහුගේ ආදරණීය බිරිඳට ඇයගේ උපන්දිනය වෙනුවෙන් බොහොම ආදරණීය සුබපැතුමක් එකතු කරලා තිබුණ.

ඉතින් ඒ වගේම ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය කාලේ සීයා කෙනෙක් වගේම එතුමන්ගේ ආදරණීය බිරිඳ අයෝමා මැතිනිය ආච්චි කෙනෙක් බවට පත්කරමින් එතුමන්ගේ ආදරණීය එකම පුතු මනෝජ් රාජපක්ෂ මහතා වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය දියණියක් බිහි කරමින් මීට මාස කිහිපයකට පෙර උතුම් මව් පිය පදවිය ලැබුවා කියන්නත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම අද දින උපන්දිනය සමරන ජනාධිපති ආර්යව වන අයෝමා රාජපක්ෂ මැතිණියට අපිත් සුබම සුප උපන්දිනයක් කියලා සුබ පතන ගමන් නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.