Celebrity Gossip

කාණුගෙදර රංජි, ජනප්‍රිය නළු රොහාන් විජේතුංග සුරූපී පෙම්බරිය සමඟින් යුග දිවියට

අපේ කළා ලෝකයේ ඉන්න ඉතාම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක් තමයි රොහාන් විජේතුංග කියල කියන්නේ. කෝටිපතියෝ, සිල්ලර සමනල්ලු, හාරකෝටිය වැනි ටෙලිනිර්මාණ හරහා ප්‍රේක්ෂකයන්ට ඔහුගේ රංගන හැකියාව දැකබලා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ අතර කාණු ගෙදර රංජියා කියන චරිතය ප්‍රේක්ෂක ජනාධරයට පාත්‍ර වූයේ අසීමිත අන්දමින්. ඒ හාර කෝටිය ටෙලි සිතුවමේ ජීවත් වූ ඔහුගේ විලාසිතා, කතාබහ කරන ස්වරූපය, කොයි කාගෙත් සිත් ගත්තේ එහි වෙනසක් තිබූ නිසයි.

01

ඒ වගේම මේ දිනවල කොලඹ ඉතාලිය, රේස් වැනි ටෙලිනාට්‍ය හරහා අපට ඔහුව දැකගන්න ලැබෙනවා. ඉතින් මේ රටක් ආදරය කරන කඩවසම් රංගන ශිල්පියා පහුගිය දවසක ගංගා කුමුදුනී කියන සුරූපී යුවතියත් සමඟින් යුග දිවියට එලබිලා තිබුණා. ඉතින් මේ රොෂාන් ඔහුගේ ආදර කතාව ගැන අපිට කිවුවේ මෙන්න මේ විදිහටයි.

02

මම කොලඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ඉන්නකොට ඇය සෞන්දර්යයේ හිටියේ. කැම්පස් යන කාලේ අපිට තියෙනවා නායකත්ව පුහුණු වැඩමුළුවක් කියලා එකක්. අපි හැමෝම ඒකට සහභාගි වෙන්න ඕනේ. මටත් ඒ අවස්ථාව උදාවුණා. ඇයත් ඇවිල්ලා හිටියා. නායකත්ව වැඩමුළුවේදී අපිව කණ්ඩායම්වලට බෙදෙනවා. මාව අයත් වුණේ චාලි කියන කණ්ඩායමට. ඇයත් ඒකෙ. මේ කණ්ඩායම හැමතිස්සෙම පවත්වන ඉසව්වලින් පරාද වෙනවා. හැබැයි අපේ කණ්ඩායමේ තියෙන මොරාල් එක අපි කවදාවත් අඩු කර ගත්තේ නැහැ. දකින කාටවත් හිතෙන්නේ නෑ චාලි කණ්ඩායම පරදින කණ්ඩායමක් කියලා.

03

අපි මොන ඉවෙන්ට් එකෙන් පරාද වුණත් හොඳට කෑ ගහලා කරලා ජව සම්පන්නව ඉන්නවා. මම තමයි ඔය චියර් කර කර වැඩිපුර කට්ටිය දිරිගන්වන්නෙ. මේ නිසා මට වෙනම පෞරුෂයක් වගේ එකක් හැදිලා තිබුණා. ඒක අනිත් කණ්ඩායම වල අයත් දැකලා තිබුණා. ඔය අතරේ මගේ පෙම්වතිය, එතකොට පෙම්වතිය නෙවෙයි. ඇගේ නම ගංගා කුමුදිනි. ඇයත් අපේ කණ්ඩායමේ හිටියා. මෙයාගේ තිබුණු ලස්සනත් එක්ක සෑහෙන පිරිසක් ඇය එක්ක යාළු වෙන්න ට්‍රයි කළා. කෙටියෙන්ම කිව්වොත් මගෙත් එක්ක හිටපු හොඳම යාළුවා පවා ඇයට ට්‍රයි කළා.

04

එක්තරා අවස්ථාවකදී තවත් මිත්‍රයෙක් ඉවෙන්ට් එකක් තිබුණ වෙලාවක කෙලින්ම ස්ටේජ් එකට ගිහිල්ලා මම කැමතියි ගංගට ගංගා කැමති නෑ මට කියලා විරිඳුවකුත් කිව්වා. එච්චරටම කට්ටියට මෙයා පිළිබඳ ඇල්මක් තිබුණා. මටත් එහෙම ඇල්ම බැල්ම නොතිබුණාම නෙමේ. නමුත් මම ඇගෙන් ගිහිල්ලා යාළුවෙන්න ඇහුවේ නැහැ. ඔය අතරේ අපේ නායකත්ව පුහුණුව නිමා වුණා. අන්තිම දවසේ මම ගංගා ගාවට ගිහින් ටිකක් කතා කළා. කතා කර කර ඉන්න ගමන් ඇහැව්වා, මට ඔයාගේ නම්බරේ දෙන්න පුලුවන්ද, හැබැයි ලොකු දේකට නෙමේ ඔය සිංහල අවුරුද්දට අලුත් අවුරුද්දට විෂ් කරන වගේ දේකට කියලා.

05

මම හිතුවේ නෑ ඇය මට නම්බර් එක දේවි කියලා. නමුත් ඇය මට ඇගේ දුරකථන අංකය දුන්නා. ඔන්න ඉතින් එතැන් පටන් තමයි මේ ගේම පටන් ගත්තෙ. අපි නිතර කථාබහ කළා. ඔය අතරතුරදී අපි දෙන්නටම දෙන්නට විශේෂත්වයක් දැනුණා. මම ඇයගෙන් කැමැත්ත ඇහැව්වා. එතකොට ඇය කිව්වා අම්මා නම් කැමතියි කියලා. මම කිව්වා අම්මා නෙමේ ඔයා මොකද කියන්නෙ කියලා. ඊට පස්සේ හාකො කියන එක කිව්වා. ඉතින් කොහොම කොහොම හරි අපි පෙම්වතුන් බවට පත් වුණා කියලයි රොෂාන් මේ ආදරණීය යුවලගේ ආදර කතාවේ ආරම්භය ගැන පැවසුවේ.

06

ඉතින් මේ අලුත විවාහ වුනු ආදරණීය යුවලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් ඔවුන්ගේ ඉදිරි විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

07

08

09

10

11

12

13

14

15