Celebrity Gossip

ක්‍රිකට් ක්‍රීඩක T.M දිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ ඉදන් පවුලේ හැමෝමත් එක්ක 45වන උපන්දිනය ජයටම සමරපු හැටි

නම ඇසූ පමණින් ඕනෑම කෙනෙක් හදුනන තිලකරත්න දිල්ෂාන් කියලා කියන්නේ අපේ රටේ මෙන්ම ලෝකයේම ඉතාම ජනප්‍රිය කෙනෙක්. ඉතින් ඒ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන මතකයන් ඉතිරි කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන් අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් නිසයි. ඉතින් ඒ වගේම ඩිල්ස්කූප් නමින් ක්‍රිකට් ක්‍රීඩාවට නවතම පහරක් හඳුන්වාදුන්න නිර්මාතෘවරයෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ වනවිට ඔහු ඔහුගේ ආදරණීය බිරිඳ වගේම දරුවන් එක්ක ඕස්ට්‍රේලියාවේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ පිටරටක දිවි ගෙවන තිලකරත්න දිල්ෂාන් විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය නිලියක් වන මංජුලා මීගහවත්ත සමඟයි. ඒ වගේම තිකරත්න දිල්ෂාන්ට දැන් ආදරණීය දූ දරුවන් හතරදෙනෙක් ඉන්නවා.

ඉතින් මංජුලත් එක්ක ආදරණීය සුන්දර පවුල් ජීවිතය ගෙවන තිලකරත්න දිල්ෂාන්ගේ 45වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් මේ අපූරු අවස්ථාව පවුලේ හැමෝමත් එකතු කරගෙන ලස්සන කේක් එකක් කපලා බොහොම ලස්සනට චාම් විදිහට සමරමින් උපන්දින සාදයක් පවත්වලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාවේ ආදරණීය දසුන් කැමරා කාචයට හසුකරගන්නත් ඔහු අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ දිල්ෂාන්ගේ ආදරණීය කැදැල්ලේ හැමෝමත් එක්ක සමරපු උපන්දින සාදයේ ආදරණීය ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම පහුගිය දවසක උපන්දිනය සමරපු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්ට අපිත් සුබම සුබ උපන්දියක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.