Celebrity Gossip

කඩවසම් නළු සචින් ලියනගේ, සුරූපී නිලි ශලනි තාරකාත් එක්ක ඔහුගේ 25වන උපන්දිනය සමරුවේ මෙහෙමයි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන දක්ෂ කඩවසම් නවක රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියලා කියන්නේ. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය ඔබ නරඹනවා නම් එහි නිර්වාන්ගේ චරිතය ඔබට මතක ඇති. ඉතින් මේ දක්ෂ කඩවසම් නවක රංගන ශිල්පියා ඉගෙනුම ලබලා තියෙන්නේ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලෙන්. ඒ වගේම ඔහුගේ පවුලේ ඉන්නේ ඔහුයි, අම්මායි, අක්කලා තුන්දෙනායි. ඉතින් ඒ වගේම ඔහු කලාවට සම්බන්ධ වෙලා තියෙන්නේ අහම්බෙන්. ඔහු ගොඩක්ම ආසාවෙන් ඉදලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. නමුත් ඔහු සාමාන්‍ය පෙළ කරන කාලේදී ඔහුගේ පියා මියයාමත් සමඟ ඔහුට ක්‍රිකට් මඟහැරිලා. කොහොම නමුත් දැන්නම් ඔහු කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පික් වෙලා හමාරයි.

ඉතින් ඒ වගේම අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. ඉතින් ඇයවත් අපට මේ දවස් වල කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය තුලින් දෙකගන්න ලැබෙනවා. කොහොම නමුත් මේ දක්ෂ කළා තරු දෙපල එකතු වෙලා සචින් ලියනගේගේ 25වන උපන්දිනය අද දින බොහොම ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාවේදී ලබා ගත්ත ඡායාරූප කිහිපයක්ම ශලනි ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් මෙන්න මේ වගේ අපූරු කතාවක් තමයි කියලා තිබුනේ. සුභ උපන්දිනයක් මගේ හොඳම මිතුරා. දක්ෂ, හාස්‍යජනක සහ අපූරු පුද්ගලයෙක් හොඳම මිතුරෙකු ලෙස මට සිටීම සැබවින්ම විශේෂ දෙයක් සහ විශිෂ්ට තෑග්ගක් විය යුතුය. ඔබ ඇත්තටම වාසනාවන්තයි, ඔබට පුදුමාකාර වසරක් වේවා කියලයි ශලනි තාරකා ඒ විදිහට සටහනක් එකතු කරලා තිබුනේ.

ඉතින් ඒත් එක්කම අද දින උපන්දිනය සමරන දක්ෂ කඩවසම් නළු සචින් ලියනගේට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරමු.