Celebrity Gossip

ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ ආලෝකා ටීචර් ඇයගේ සැමියා සමඟින් නැවතත් යුග දිවියට පිවිසෙයි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි නදුනි කරුණාතිලක කියලා කියන්නේ. දෙවෙනි ඉනිමේ කලනිගේ චරිතයෙන් රංගනයට පිවිසි ඇය පහුගිය කාලයේ විකාශනය වුනු පාවෙලා වලාකුලේ ඒවිද අම්මා ටෙලිනාට්‍ය තුලින් අපේ රටේ බොහෝ දෙනෙකුගේ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගැනීමට සමත් වුණා. ඉතින් ඒ වගේම මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ ආලෝකා ටීචර්ගේ චරිතය හරහාත් අපට ඇයව දැකගන්න ලැබෙනවා. ඉතින් ඒ වගේම ඇයගේ ආදරණීය සැමියාත් අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු තමයි දිනුෂ දිසානායක. මේ ආදරණීය යුවලම මේ වෙද්දී අපේ රටේ ඉතාම ජනප්‍රිය කළා තරු දෙපලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබා දෙමින් කළා ජීවිතය වගේම සාර්ථක පවුල් ජීවිතයකුත් ගත කරන සුන්දර ආදරණීය යුවලක් විදිහටත් මේ දෙන්නව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේම අවුරුදු හතරක් විතර ආදරය කරලා තමයි මේ දෙන්නා විවාහ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ දෙන්නා පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලිනාට්‍යයේ එකට රගපානවාත් අපට දැකගන්න ලැබුණා. කොහොම නමුත් මේ දෙන්නා අතර තිබෙන විශ්වාසයත් එක්ක ඔවුන්ට රඟපාන්න කිසිම ප්‍රශ්නයක් නැහැලු. මොන ප්‍රශ්නයක් ආවත් ඒ දෙන්නා ඒ දේවල් කතාබහ කරලා විසඳ ගන්නවාලු. නදුනිට නිර්මාණයකින් ආරාධනාවක් ලැබුණොත් දිනුෂ පිටපත සහ චරිතය ගැන කියවලා බලනවාලු. නදුනිට කරන්න පුළුවන් චරිතයක් නම් කරන්න කියලා ඔහු නිදහස දීලාලු තියෙන්නේ. ගෙදර වැඩකටයුතු වුණත් දෙන්නාම එකතුවෙලා සතුටින් කරනවලු. ඒ වගේම නදුනි මොන දේ කළත් පවුල් ජීවිතයට මුල් තැන දෙමින් තමයිලු කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේම ඇය මේ වෙද්දී ගීත කිහිපයක් හදාගෙන කරගෙන යනවා කියලත් ඇය පවසනවා. ඉතින් ඉදිරියේදී ඇයගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඒවා රසවිඳින්න පුළුවන් වේවි කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

කොහොම නමුත් මේ ආදරණීය කළා යුවල එකතු වෙලා පහුගිය දවසක හරි අපූරු ලස්සන වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාවේදී මේ ආදරණීය යුවලව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසු කරගෙන තිබුනේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන යෝෂිත ලියනගේ ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ ආදරණීය යුවලගේ අලුත්ම ෆොටෝ ශූට් එක ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

Leave a Comment