Celebrity Gossip

ආන්දෝලනාත්මක චරිත රඟපෑ නිලි ගයේෂා පෙරේරා ඇමරිකාවේ ඉදන් ජයටම උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ගයේෂා පෙරේරා කියලා කියන්නේ අපේ රටේ හැත්තෑව අසූව දශක වල කවුරුත් ආදරය කරපු ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඇය මීට කාලයකට පෙර අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි දේශපාලන ලෝකයේත් කාගේත් කතා බහට ලක්වුණු සුරුපිණියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් ඇය රංගනයෙන් දායක වුනු ඉගිලෙන මාළුවෝ කියන ආන්දෝලනාත්මක චිත්‍රපටය අපේ රටේ සම්මානයට පවා පාත්‍ර වුණා. ඉතින් පහුගිය කාලයේ එවැනි සිනමා නිර්මාණ වලට පවා දායක වෙලා පුංචි තිරයේත් රිදී තිරයේත් නිරන්තරයෙන් දැකගන්න ලැබුනත් දැන්නම් ඇයව රූපවාහිනිය තුලින්නම් දකින්න ලැබුණේ නැහැ. කොහොම නමුත් රංගනයෙන් අනතුරුව දේශපාලනයටත් පිවිසිලා ඒ හැම දේකින්ම සමු අරගෙන ඇය මේ වනවිට ඇමරිකාවේ දිවි ගෙවන්නේ ඇයගේ ආදරණීය පුංචි පවුල සමඟයි. ඉතින් මේ විදිහට ඇමෙරිකාවේ සුපිරි ජීවිතයක් ගතකරන ගයේෂා පෙරේරාගේ උපන්දිනය පහුගිය දිනක යෙදිලා තිබුණා.

ඉතින් ඇයගේ ආදරණීය සැමියා හසංජිත් සමඟින් ඇයගේ උපන්දිනය ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් අපේ රටේ හිටපු ජනප්‍රිය නිලි ගයේෂා පෙරේරා උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඒත් එක්කම පහුගිය දවසක උපන්දිනය සමරපු ජනප්‍රිය නිලි ගයේෂා පෙරේරාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.