අනුර කුමාර මෙදා පාරත් පරිදියිද?වනගත ස්වාමීන් වහන්සේගේ ප්‍රබල අනාවැකියක් එලියට

 


මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වෙන කරුණක් තමයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය.ඒ අනුව ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස තරග වැදීමට සූදානම් වන අනුර කුමාර දිසානායක පිළිබඳව බොහෝ දෙනෙක්ගේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා..ලංකාවේ ඊළඟට සිද්ධ වීමට නියමිත යුධමය වාතාවරණයකින් පස්සේ මේ සියල්ල උඩු යටිකුරු වෙනවා කියන අනාවැකියක් වනගත ස්වාමීන් වහන්සේ නමක් විසින් ප්‍රකාශයට පත් කරනවා.

ඒ අනාවැකියට අනුව අනුර කුමාර ඡන්දය පරදීද කියන ප්‍රශ්නයටත් උන්වහන්සේ සෘජු පිළිතුරක් ලබාදී තිබෙනවා.ඉතින් ඇත්තටම ඉදිරියේදී සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියන දේ පිළිබඳව දැනගන්න නම් මේ වනගත ස්වාමීන් වහන්සේ ප්‍රකාශයට පත් කෙරුව අනාවැකිය පිළිබඳව ඔබ දැනගත යුතුමයි.

එනිසාම ඒ සම්බන්ධයෙන් කියවෙන සවිස්තරාත්මක වීඩියෝ පටයක් පහතින් දක්වා ඇති අතර එය මුල ඉඳන්ම අගට නරඹා සවිස්තරාත්මක විස්තරය  හරියටම දැනගන්න ඔබ සැමට ආරාධනා කරනවා.




මම එක ආදරයකට කොටුවෙන්න කැමති නෑ.බ්‍රේකප් වෙන්නැත්නම් මං බ්‍රේක්අප් කරනවා. ඒක මගේ දුර්වල කමක

නිතරම විරහා ගීත වලින් ප්‍රේක්ෂකයන් මුසපත් කරන නව පරපුරේ ආදරණීය ගායකයෙක් තමයි විරාජ් පෙරේරා කියන්නේ.හදවත ගැහෙනා,සාරිතා වැනි ගීත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහු වසර දෙකකට විතර පස්සේ ආයෙමත් සැරයක් ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු කරන්න පටන් අරන් 

අවුරුදු පහ තරම් පුංචි වයසදී තමයි විරාජ් සීදුව සපුරා සංගීත කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒ ඒක පුද්ගල ප්‍රතිසංගයක් කරන්න.ඊට පස්සේ  ඔහු අවුරුදු 18න් පස්සේ සංගීත අධ්‍යක්ෂණය පැත්තටත් යොමු වුණා.

වෘත්තිමය ජීවිතය ඔහු ඒ විදිහට හදා ගත්තත් ඔහුගේ පෞද්ගලික ජීවිතේ නම් යම් යම් අඩුපාඩු තියෙනව.විරාජ් කියන්නේ එක ආදරේකට කොටු වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඔහුට එක්කෙනෙක්ට ආදරය කරන්න බැහැ. ඔහු කියන විදිහට ඒක ඔහුගේ දුර්වලතාවයක්. ඔහු ආදරේ කරද්දී අනිවාර්යෙන්ම වෙන් වෙන්න ඕනිලු.ඉතින් ඒ සම්බන්ධයෙන් විරාජ් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“විරාජ් කියන්නෙ සෑහෙන ලවර් කෙනෙක්. මං කැමැති නෑ එක ආදරේකට කොටුවෙලා ඉන්න. ඒක මගේ දුර්වලකමක් වෙන්න ඇති. මට ආදරේ හිතෙන කෙනාට මං ආදරේ කරනවා. හැමවෙලාවෙම ප්‍රකාශ කරන්නෙත් නෑ. හිතින් ආදරේ කරනවා. ඒක මගෙ නිර්මාණවලට ගොඩක් බලපානවා. ලබා ගැනීමේ අරමුණෙන්ම ආදරය කරන කෙනෙක් නෙවෙයි මං. නිර්මාණ කරද්දි මට ආදරේ ඕන. මං ගොඩක්ම ආස බ්‍රේක් අප් වෙන තැනට. එතැන තමයි මට දැනෙන තැන. බ්‍රේක් අප් වෙන්නෙ නැත්නම් මං බ්‍රේක් අප් කරගන්නවා. මට ගොඩක් ගෑනු ළමයි ඉඳල තියෙනවා. මං එයාලට ආදරේ කළා. ඒත් ගොඩක් අය මට වෛර කරනවා. මට දැනෙන ආදරේ කවදාවත් මං වළක්වගන්නෙ නෑ. මං ඒක කෙලින්ම කියනවා. ඒක හිතේ ඇතිවෙන හැඟීමක් විතරයි කියන එකත් කියන්නම ඕන. නැත්නම් මිනිස්සු මාව වැරදියට වටහා ගනීවි.”

ඔන්න ඔය විදිහට තමයි විරාජ් ඔහුගේ ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.

කාලෙකට කලින් මං ආදරය කළා රැවටුනා දුක් වින්දා.හොඳම දේවල් ලැබෙන්නේ හොඳටම පරක්කු වෙලා

 


මාලනි ෆොන්සේ එකා කියන ආදරණීය රංගන ශිල්පිනියගේ ගුරුහරුකම් යටතේ. ක්ෂේත්‍රයට පැමිණෙන ඇය ඔබ අප කවුරුත් ආදරය කරන සොනාලි ෆොන්සේකා.පසුගිය කාල සීමාවේදී නම් ඇය තාමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කළා කිව්වොත් හරි.ඒකට හේතුව ඇයට ඇයගේ ආදරණීය මෑණියන් පසුගිය දවසක අහිමි වුණා.ඊට කලින් කොරෝනා වසංගත කාල සීමාවේදී සෙනාලිගේ තාත්තා ජීවතුන් අතරින් සමු ගත්තා.

ඇයට තාත්තාගේ මූණවත් අවසන් වතාවට බලන්න හැකියාව ලැබුණේ නෑ.ඒ සියලු දේවල් එක්ක ජීවිතය ගත කරපු ඇය වැඩිපුර කලා කටයුතුත් එක්ක එකතු වෙලා ඉන්නවා අපි දැක්කේ නැහැ.නමුත් ඇය කලාව නම් අත ඇරලා නෑ කියලා තමයි සඳහන් කරන්නේ.

ඇය විටින් විට විදෙස්ගත වෙනවා විදෙස්ගත වෙලා විවිධ අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්යබහුල වෙන ගමන් තමයි කලා කටයුතු ගැන ඇය අවධානය යොමු කරන්නේ.කෙසේ නමුත් කාලෙකට පස්සේ පසුගිය දවසක ඇය ඇය ගත කරන ජීවිතය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මා මත පැවරුණු වගකීම් වෙනුවෙන් මට වි‌ෙටන් විට විදෙස්ගත වෙන්න සිදු වුණත් මං වැඩිපුරම කැමැති මගේ රංගන කටයුතුත් කරගෙන ලංකාවෙ ජීවත් වෙන්න. තව ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. ඒ වගේම මං ඉගෙන ගත්ත දෙයින් රටට සේවයක් කරන්නත් අදහසක් තියෙනවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා. මොනවද ඉදිරියට තව කරන්නෙ කියන එක ලොකුවටම ප්ලෑන් කරල නෑ. මේ මේ දේවල් වෙන්න ඕන කියන දළ අදහසක් තියෙනවා. මට අවශ්‍ය දේවල් ඒ විදිහටම වේවි කියලා හිතනවා. කාලෙකට කලින් මම ආදරය කළා. රැවටුණා. දුක්වින්දා මේ හැම අත්දැකීමක්ම අද ඉන්න මේ සෙනාලිව ගොඩනඟන්න රුකුලක් වුණා. ඉස්සර මං ආදරය විදිහට දැක්කේ ආදරය, රැකවරණය, විශ්වාසය, ගෞරවය, ආකර්ෂණය වගේ දේවල එකතුවක්. ඒත් අද මං ඒක දකින්නේ මානසික නිදහස, ගරුත්වය, සතුට, සුන්දර වචන වගේ දේවල්වල එකතුවකින් විදිහට. මං දන්නව හොඳම දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලා හෙමින් හෙමින් කියලා. මටත් හැමදේම හොඳම විදිහට ලැබේවි කියන විශ්වාසය මා තුළ තියෙනවා.“

කෙසේ නමුත් සියලු අත්දැකීම් එක්ක ඇයට ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු

විවාහයක් ගැන මං තවම හිතලා නෑ මට කියන්න ආදර කතාවකුත් තවම නෑ. නයනතාරා කියන අමුතු කතාව


දෙවනි ඉනිම ටෙලි නාට්‍ය හරහා බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගත්තු ආකර්ෂණීය රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ. ඇය ගැන කතා කරද්දි ඇය මේටලි නිර්මාණය රංගනයෙන් දායකත්වය දැක්වූ දෙව්මි කියන චරිතය හරහා තමයි බොහෝ සෙයින් ප්‍රසිද්ධ වුණේ.

ඒ වගේම මෑත කාලයේදී නම්  නයනතාරා ඉන්දියාවට වෙලා අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා කියලා ආරංචි.ඇයට ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පියෙක් විසින් පවත්වනු ලබන රංගන පාසලක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.ලංකාවේ ප්‍රථම අවස්ථාවට තමයි රංගන ශිල්පිනියකට මේ වගේ අවස්ථාවක් හම්බවෙලා තියෙන්නේ.ඉතින් ඒ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ තුළින් හොඳින් අධ්‍යාපනය ලබන බලාපොරොත්තු වෙනවා කියලත් සඳහන් කරලා තිබුණා.

ඒ වගේම නයනතාරා ගැන කතා කරද්දිත් ඇය දෙවැනි ඉනිමේ අවන්ත කියන චරිතයේ ආදරණීය පෙම්වතිය විදිහට තමයි රංගනයෙන් දායකත්වය දැක්වුවේ. ඉතින් ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදීත් ඇත්තටම ගැලපෙන කපල් එකක් කියලා හැමෝම කියන්න පටන් ගත්තා. ඒ දේවල් එක්ක නයනතාරා විවාහ වෙන්න යනවා කියන කතාව ඇත්තද  කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ
කතාවක්.

“ඒක නම් ලොකුම බොරුවක් විවාහයක් ගැන මං තාම හිතලා නෑ මට කියන්න ආදර කතාවකුත් තවම නැහැ. ඉදිරියේදී බලමු. හැමදාම මට ආදරේ කරන මාව විශ්වාස කරන ආදරණීය ප්‍රේක්ෂකයන්ට තමයි මං ගොඩක් ආදරේ කරන්නේ”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඇයගේ ජීවිතය ගත කරන විදිහ පිළිබඳව කියලා තිබුණේ.

ඉරාජ්- සුදා වලිය නැඟලම යයි.ඉරාජ් ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී රටටම ඇහෙන්න සුදාව චාටර් කරපු හැටි

 


කලාකරුවන් දෙදෙනෙක් හැටියට ක්ෂේත්‍රයේ බොහෝ අවස්ථාවන්වලදී නොයෙකුත් දෙනාගේ අවධානයට ලක්වුණු පුද්ගලයන් දෙදෙනෙක් තමයි ඉරාජ් වීරරත්න සහ සුදන්ත තිලකසිරි.සුදන්තට බොහෝ දෙනෙක් කතා කරන්නේ සුදා කියල.මේ දෙන්නම දේශපාලන පක්ෂ ගැඹුරින් විවේචනය කිරීම නිසා බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වුණා

ඒවගේම තමයි ඉරාජ් සහ සුදා කියන්නේ එකිනෙකට වෙනස් දේශපාලන මත දරන දෙන්නේ. ඒ නිසාම පසුගිය දවසක මේ දෙන්නා දෙන්නටම විරුද්ධව විවිධ දෝෂාරෝපණ එල්ල කරගෙන තිබුණා.එය අතර ඉරා සුදාට ප්‍රසිද්ධියේම ස්වර්ණවාහිනිය විකාශය වන හිත ඉල්ලන තරු රූපවාහිනී වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවක් කළා.

මේ ආරාධනාව මේ වැඩසටහන මෙහෙයවන නිවේදකයා විසින් සිදු සිදු කළත් ඉරාජ්මය අවස්ථාවට සම්බන්ධ වුණත් සුදා ඒ අවස්ථාවට සම්බන්ධ වුණේ නැහැ.ඔහු වෙනම වීඩියෝවක් නිකුත් කරලා කියලා තිබුණේ ඉරාජ් වගේ මිනිස්සුත් එක්ක එකට වාඩිවෙලා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන්වල කෑගහන්න ඔහු කැමති නෑ කියලයි.


හැබැයි ඉරාජ් මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඔහු සෑම අවස්ථාවකදීම සුදාට වැඩසටහනට එන්න කියලා තමයි ආරාධනා කළේ. හැබැයි කිසිම අවස්ථාවක සුදා වැඩසටහනට ආවේ නැහැ. සුදා කැමරා ටිකක් අරගෙන ගිහින් වැඩසටහන විකාශය වන පරිශ්‍රය ගාවට ගිහින් ඉරාජ්ට පල්ලට එන්න කියලා ආරාධනා කරලා තියෙනවා.


හැබැයි live වැඩසටහනක හිටපු ඉරාජ් පහළට ගිහින් සුදාව හම්බවෙන්න කැමති වුණේ නෑ.

ඊට පස්සේ ඉරාජ් කිව්වේ බොරුවට දැන් කැමරා කෑලි ටිකක් අරගෙන ඇවිල්ලා මම ආවා. පුළුවන් නම් උඹ වරෙන් කියලා බොරු ටෝක් දෙයි ඒවා කවුරුත් ගණන් ගන්න එපා කියලා.මේ හැම දෙයක්ම ඉරාජ් සමාජ මාධ්‍ය හරහා බෙදා හදා ගත්තා. ප්‍රේක්ෂක ඒ සම්බන්ධයෙන් නොයෙකුත් අදහස් ඉදිරිපත් කළා.ඒ වගේම සුදත් මේ ගේම අතාරින්නැතුව දිගටම ඉරාජ්ට විරුද්ධව කතා කළා.


කොහොම නමුත් අවසානයේදී ඉරාජ් සහ සුදා එකට රූපවාහිනි වැඩසටහනකට සම්බන්ධ වෙලා එකට විවෘතව කතා කරන්න ආවේ නැහැ. ඒ අවස්ථාව මගේ අරිය සුදා කියලා තමයි සමාජ මාධ්‍යවල වාර්තා වෙන්නේ.


මගේ වයසත් එක්ක මට ගැලපෙනවනම් ඕනෑම ඇඳුමක් මම දෙපාරක් හිතන්නෙ නැතුව අඳිනවා

 

කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගත්තු ඇය ප්‍රියසාත් පවුලේ ආදරණීය වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද්. ඇය ගැන කතා කරද්දි ඇයට පියාගේ පාර්ශවයෙන් උරුම වුනු හැකියාවන් එක්ක තමයි පුංචි තිරයටත් රිදී තිරයටත් ගොඩ වුණේ.

මේ දිනවල විකාශය වන විසල් ආදරය කියන චිත්‍රපටිය තුලත් දිනක්ෂි බොහෝ දෙනෙක් කතාබහ කරන චරිතයක් නිරූපණය කරනවා. ඉතින් ඒ චරිතයටත් බොහෝ දෙනෙක්ගේ ආදරය හිමි හිමිවෙලා මේ වෙද්දී මේ චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් තිරගත වෙනවා කියලත් ආරංචියි.

ඒ වගේම තමයි පසුගිය දවසක දිනක්ෂි සහභාගී වූ වැඩසටහනක් සඳහා ඇය ඇඳපු ඇඳුමක් ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා. ඒ ඇඳුම සංස්කෘතියට ගැලපෙන්නෑ කියලත් සමහරක් දෙනවා කියන්න පටන් ගත්තා.ඒ සියලුම අදහස් එක්ක ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී දිනක්ෂි කිව්වේ මේ වගේ කතාවක්.

“එතැනදි මම කරන චරිතයට මම සාධාරණයක් කරන්න ඕනෑ. එතැනදි මගේ සීමාවන්ට  අනුව මට ගැළපෙනවා නම් මම ඒ ඇදුම අඳිනවා. ඒ වගේම මගේ වයසත් එක්ක, මට ගැළපෙනවා නම් මම දෙපාරක් නොසිතා ඒ ඇ
දුම අඳිනවා. මම ඉන්ස්පයර් වෙලා තිබෙන්නේ මගේ අම්මාගෙන්. පොඩි කාලේ ඉඳලම මම දැක්කේ මගේ අම්මා හරිම ලස්සනට අඳින විධිය. ඒ වගේම තමන්ගේ වයසට, විශේෂයෙන්ම ඇඟට ගැළපෙනවා නම් ඕනෑම කෙනෙක්ට ඕනෑම විලාසිතාවක් කරන්න පුළුවන්.”

ඉතින් ඒ ආකාරයෙන් ජීවිතේ ගැන හිතන ඇයට ඇගේ ජීවිතය සාර්ථක කරගැනීමට හැකිවේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.

අංජලිව මට හම්බවුණේ අවුරුදු 21දි. එයාව ජීවත් කරවන්න බෑ එයාගේ හදවත වැඩ නෑ කිව්වා

 

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායන ශිල්පිනියක් තමයි  කේ සුජීවා කියන්නේ.ඇය ගැන කතා කරද්දි ඇය විසින් ගායනා කරපු ඉඟි මරණ තරු රෑන කෝ කියන ගීත නිසා තමයි ඒ සුජීවා කියන චරිතය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ.

ඒ සියලු දේවල් එක්ක ඇය ජීවිතය නොයෙකුත් අභියෝගවලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ආදරය කසාදය කියන තැනදි ඇයට වැරදුණු තැන් බොහොමයි.එක්තරා අවස්ථාවකදී ඇය කියන විදිහට ඇය ජීවිතයේ විඳින්න ඕනේ සියලුම අත්දැකීම් ඇඳපු කෙනෙක්. ඇයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මැරෙන්න විතරයි ඒ අත්දැකීම විතරයි තාම ඇයට අඩුයි.

සුජීවගේ ජීවිත කතාව ගැන අහද්දි අංජලී කියන්නේ ඇයගේ ජීවිතේ පළවෙනිම දරුවා. ඉතින් ඇය ඉපදුනු විදිහ පිළිබඳව එක්තරා අවස්ථාවකදී සුජීව කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අංජලීව මට හම්බවෙන්න ඉද්දි මට අවුරුදු විසි එකයි. ඒ නිසා ඒකෙ ලොකු බරපතලකමක් මම දන්නෙ නැහැ.එතකොට අපේ ගෙදර බබෙක් හිටියේ නෑ අපේ අයියයි අක්කයි බැඳලා හිටියට එයාලට බබාලා හිටියෙ නෑ.මට බබේ කම්බෙන්න ඉන්නවා කිව්වහම ඔක්කොමලා පුදුම උනා මොකද අපේ පවුලට
හම්බවෙන පළවෙනි බබා.අන්ජණි මගේ බඩේ ඉන්න ඕනි දවස් ගානටත් වඩා වැඩිපුර හිටපු කෙනෙක්. එයා දවස් 14ක් හිටියා. ඩොක්ටර්ලා කිව්වා අම්මව බේරගන්න පුළුවන් ඒත්  දරුවගේ හදවත වැඩ නෑ කියලා.හැබැයි අන්තිමට අංජලී වාසනාවන්ත උනා ජීවත් වෙන්න”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි කේ .සුජීවා ඇයගේ ජීවිත අත්දැකීම පිළිබඳව ඉතාමත් සංවේදී කතාවක් වැඩසටහනක් අතරතුරේදී හුවමාරු කරගෙන තිබුණේ.

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo