වැඩිය පේන්න නැති රුවන් හෙට්ටිආරච්චි බිරිඳ ෂෙරිල් සමග ගත කරන ජීවිතය මෙන්න

Life Story

ඇයගේ රූපය දුටු විගස තරුණයන්ගේ නෙත් නිලංකාර වී යයි. ඇයගේ සුන්දරත්වය නිසාය. ඇය දක්ෂ කටහඩක් හිමි තරුණයෙකුට පෙම් බදිනවා ඒ පෙම් බඳින්නේ ඔහුගේ හඬටය. ඒ හඬ ඒ තරමටම ළයාන්විතය. තරුණියන්ගේ සිත් ආකර්ෂණයට පත් කරන ඒ හඬෙහි හිමිකාරයාගේ ආදරය දිනාගන්නට අවසානයේ ඇයට හැකි විය. රුවන් ඇයට පෙම් බඳින්නේ ඇගේ රුවටය. ඒ තරමටම ඇය රූ සපුවෙන් පිරිපුන්ය. රංගනයෙන් රසික සිත් වශී කරවන ඇගේ ආදරය ඔහුට හිමි විය.මොවුන් වෙන කවුරුවත් නෙමෙයි ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සහ රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර්ය.ඔවුගේ සුන්දර කැදැල්ල ගැනයි මේ. දැන් මම විවාහකයිනේ. බැන්දට පස්සෙ ඉතින් මුල් තැන දෙන්නේ මම මගේ පවුලට. මම කලාවෙන් අයින් වුණේ නැහැ. කලාවට මම හැමදාම ආදරෙයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම ඒක කරනවා. නිර්මාණ සොයාගෙන පස්සෙන් යන්නේ නැහැ. ලැබුණොත් දෙයක් කරනවා.

මම නොදැක ඉන්න බෑ මට නම් ගීතය සහ මගෙ ආදරී‘ ගීතය ඇසුවට පස්සේ මගේ හිත සොරා ගත්තා වාගේ මට දැනුනා .රුවන් මෙවැනි ගීතයක් ගායනා කළේ මොකක් හෝ හේතුවක් ඇති කියලා මට හිතුනා. ඊට පස්සේ ඒ ගැන දැනගන්න තමයි මම ඔහුට දුරකතනයෙන් කතාකළේ. එහෙත් අපේ කතාව අවසන් වන්නේ අපි දෙදෙනා පෙම්වතුන් වීමෙන්. දැන් අපි විවාහ වී සතුටෙන් ජීවත් වනවා. මම මුලින්ම කලාවට සම්බන්ද වන්නේ 2006 අයි. ටී. එන්. අවුරුදු කුමාරි තරගයෙන් දෙවැනි ස්ථානය ජයග්‍රහණයකිරීමත් සමගය. ඒක නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඊට පසුව මම සිරස ඩාන්සින් ස්ටාර් තරගයට ගියා. එහිදී මම රංගනයට මුලින්ම එන්නේ 2008 බෙනට් රත්නායකගේ ඉර හඳ යට චිත්‍රපටයේ රඟපෑමෙනි.

මම හරිම සාමාන්‍ය විදිහට ජීවත්වෙන්න කැමැති ලැබෙන දෙයින් සතුටු වන කාන්තාවක්. පාරෙ යනකොට සතෙක් දැක්කත් ඌට මොනවහරි කන්න දීල තමයි යන්නේ. මට කාන්තාවන්ට කියන්න තියෙන්නේ කැමැති දේ කරන්න. අපට ලෝකයා මොනවද කියන්නෙ කියන එක අදාළ නෑ. තමන් සතුටෙන්නම් තමන් ආසා දේ කරන්න. මම පුංචි කාලෙ සිටම ලස්සනට ඉන්න කැමැතියි. ඒ නිසා තමයි රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන්නේ.

ජීවිතේ වැදගත්ම දේ ඉවසීම කියන දේ. අඩු, වැඩි වශයෙන් ප්‍රශ්න මත ගැටුම් අපි අතරත් තියෙනවා. ඒ දේවල් ඕනම පවුල් ජීවිතයකට පොදුයි. කසාදයයි දික්කසාදයයි අද මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වෙලා. මම බර්ගර් වුණත් ලංකාවේ සංස්කෘතික දේවල් එක්ක ගැටෙද්දී මගේ අතින් වරදක් වේවි කියලා මම හරි බයයි. විශේෂයෙන් තනිකඩ කාලේ කරපු දේවල් විවාහ වුණාට පස්සේ කරන්න බැහැ කියලා තරුණ පිරිස තේරුම් ගන්නවා නම් දික්කසාද ප්‍රශ්න ලංකාවේ අඩු වෙනවා. මම ජීවිතේ පළමු තැන දෙන්නේ පවුලට. දෙවැනි තැන දෙන්නේ කලාවට.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19