චන්න හා ගයාත්‍රිගේ සුරූපී දියණිය මලීෂා පෙරේරා සුන්දර මනාලියක් උනේ මෙහෙමයි

Life Story

රංගනයෙන් නොනැවතී අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් මෙන්ම තිර රචකයෙකු ලෙසත් ක්ෂේත්‍රයේ නමක් දැරූ රංගන ශිල්පියෙක් වන චන්න පෙරේරාගේ දක්ෂතාවය ගැනනම් අමුතුවෙන් කියන්නට උවමනා නැහැ. ඉතින් ඒ වගේම පුංචි තිරයේ අවිහිංසක ආදරවන්තයා විදිහට ආකර්ශනීය රංගනයෙන් සුවහසක් හදවත් තුල කිරුළු පැළදි ආදරණීය රංගන ශිල්පියෙක් විදිහටත් ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔහුගේ රංගාභිෂේකයට මේ වන විට දශක තුනක් සම්පුර්ණ වෙලා හමාරයි. ඉතින් ඒ වගේම මේ අති දක්ෂ කලා කරුවාගේ අධ්‍යක්ෂක ජීවිතයට පසුගිය දා විසිවසරක් සම්පුර්ණ වුණා. ඉතින් කොතරම් වයසට ගියත් පෙනුමෙන් වයසට නොයන ඔහු රිදී තිරයේ තාමත් රඟපාන්නේ ආදරණීය පෙම්වතාගේ චරිතයි. දැන්නම් තනිකඩයෙකු සතු නිදහස ඔහුගේ මුහුණ පුරා පේන්න තියෙනවා. ඉතින් ඒ වගේම ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයත්‍රී ඩයස් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. ඉතින් ඒ නිසාම ඇය අන්තර්ජාලයේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් චන්න පෙරේරා සහ ගයත්‍රී ඩයස් විවාහ වුනේ 1996 සැප්තැම්බර් 26 වැනිදා. ඉතින් මේ දෙන්නට ආදරණීය දියණියන් දෙදෙනෙක් ඉන්නවා. මොවුන්ගේ ආදරණීය වැඩිමහල් දියණිය වන මලීෂා පෙරේරා හරි අපූරු ෆොටෝ ශූට් එකක් පහුගිය දවසක කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ මලීෂා පෙරේරාගේ වෙඩින් ෆොටෝ ශූට් එකේ ඡායාරූප මේ තරම් අපුරුවට පෙනෙන පරිදි කැමරා කාචයට හසුකරගේ තිබුනේ අපේ රටේ ඡායාරූප කරණයේ ප්‍රමුඛ පෙලේ නමක් දිනා ගෙන ඉන්න අමිල අබේවර්ධන ඡායාරූප ශිල්පියා විසින්. ඉතින් ඒ වගේම මෙහි ඇති විශේෂත්වය තමයි මේ තරම් ලස්සනට මලීෂා පෙරේරාව හැඩගන්වලා තිබුනේ ඇයගේ මාව වන ගයත්‍රී ඩයස් විසින්. ඉතින් මේ මලීෂා පෙරේරාගේ සුන්දර වෙඩින් ෆොටෝ ශූට් එකේ ආකර්ශනීය ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15