හැමදේම අත හැරලා දාලා දරුවෝ දෙන්නත් අරන් රට යන ගයනි ගිසන්තිකා හෙලිකල කතාව

Life Story

නව යෞවනියක්ව සිටී අවදියේ වේදිකාවෙන් තම රංගන දිවිය ආරම්භ කර සිනමාවට වගේම ඉන් අනතුරුව ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයේ ජයකෙහෙලි නැංවූ ඇය නමින් ගයනි ගිසන්තිකා. බොහෝ දෙනාගේ හදවත් වල ආදරය දිනා ගත් ඇය මේ වනවිට කාගේත් ආදරය හිමිකරගත්ත සුන්දර රංගන ශිලිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. තමන්ගේ රංගන ජීවිතයේ සුන්දරම අවදියකදී තමන්ගේ ආදරණීය සැමියා සමඟින් විදෙස් ගතවන ඇය මේ වනවිට ආදරණීය පුතුන් දෙදෙනෙකුගේ මවක් වනවා. මෑත කාලයේ පටන් සතියේ දින පහේම විකාශනය වන වගේම සති අන්තයේ විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයක් හරහාම ඇය ඔබ හමුවට එනවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනි ගයනි ගිසන්තිකා පහුගිය දවසක පෞද්ගලික ජීවිතය ගැන වගේම කළා කටයුතු ගැනත් මෙන්න මේ විදිහට තමයි කියලා තිබුනේ. අපේ ලොකු පුතා මයෝන් මුවිදු මුණසිංහට දැන් අවුරුදු දොළහයි. පොඩි පුතා මිතුන් සහස් මුණසිංහට අවුරුදු අටක් වෙනවා. ඒ දෙන්නා වැඩි කාලයක් ගත කරන්නේ ආච්චියි සීයයි එක්ක. ඒකට හේතුව පහුගිය කාලයේ මම කළා නිර්මාණත් එක්ක තරමක් කාර්යබහුල වෙලයි හිටියේ. නමුත් කොච්චර කාර්යබහුල උනත් අම්මා කෙනෙක් විදිහට මම ඔවුන් වෙනුවෙන් කාලය ඉතිරි කරගන්න සැලකිලිමත් වෙනවා. රංගනය මගේ වෘත්තීය. ඒ නිසා ලැබෙන නිර්මාණ වලට මන් මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. නමුත් ඉදිරි කාලයේදී මම රංගන වෘත්තියෙන් මදක් අයින් වෙලා තෝරා බේරාගෙන වැඩ කරන්න ඉඩ සලසගෙනයි ඉන්නේ. හැබැයි ඉතින් එයින් අදහස් කරන්නේ මම රංගනයෙන් දුරස් වෙනවා කියන කාරණාවනම් නෙමෙයි. ගොඩක් කාර්යබහුල නොවී තෝරාගන්න නිර්මාණයකට වැඩි කාලයක් අරගෙන කරන්න පුළුවන් වෙන විදිහට පසුබිම හදාගන්නවා කියන එක තමයි මන් ඒ කිවුවේ. කවුරුත් මට රඟපාන්න හෝ රඟපාන්න එපා කියන්නේ නැහැ. මේක මගේ ස්වයන් තීරණයක්. මේ වගේ තීරණයක් ගන්න හේතුවුණු පලවෙනි කාරණය තමයි අපේ පුතාලා දෙන්නගේ අධ්‍යාපන ජීවිතේ. මේ වනවිට මගේ සැමියා තරුපති මුණසිංහ එයා ලංකාවේ නැහැ. එයා එයාගේ ආචාර්ය උපධියේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලයි ඉන්නේ. බොහෝ දුරට ඉදිරි කාලයේදී මමයි පුතාලා දෙන්නයි ඕස්ටේලියාවේ පදිංචියට යන්නයි හිතාගෙන ඉන්නේ කියලයි ඇය අවසානයේ පවසලා තිබුනේ. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ අපූරු ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20