සාගර විද්‍යාඥවරියක් වීමට සිහින මවමින් උණවටුන මුහුදේ අසිරිය විඳින දැරිය-ඇම්බර් රෝස්

Life Story

මුහුදේ කිමිදීමට දැඩි කැමැත්තක් දක්වන ඇම්බර් රෝස් අවුරුදු දහය සම්පුර්ණ වන විටම කිමිදුම් උපදේශකයින්ගේ වෘත්තීය සංගමය (PADI -Professional Association of Diving Instructors) විසින් දෙනු ලබන විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය ලබා ගැනීමට සමත් වී තිබෙනවා. අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ඇති එම ප්‍රවීණතා මට්ටම ළාබාල වියේදීම ලබා ගත් ඇය ඉන් ඉහළ මට්ටම් වල ප්‍රවීණතා ලබා ගැනීම සඳහා තවදුරත් පුහුණුවීම් කටයුතුවල නිරත වන බවක් තමයි අපිටනම් දැන ගන්න ලැබුණේ. සාගර පතුලේ දක්නට ලැබෙන විශ්මිත ලෝකය රැක ගැනීම සඳහා වැඩිහිටියන් මීට වඩා අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවද ඇම්බර් රෝස් මාතරගේ දැරිය සඳහන් කර සිටිනවා. උණවටුන සහ ඊට යාබදව පිහිටි රූමස්සල, කොරල් සහ මුහුදු ජීවීන් නිරීක්ෂණය සඳහා කැමත්තක් දක්වන ඇයට ආකර්ෂණීය වූ ස්ථාන කිහිපයක් හුරු පුරුදු වී තිබෙනවා. ඇම්බර් සිය පියා සමග කුඩා කල පටන් මුහුදේ කිමිදීමට ගොස් තිබෙන බවයි අපට දැන ගන්න ලැබුණේ. ඇය මුහුදේ කිමිදීමට කිසිඳු බියක් නොදක්වන අතර උගන්වන දේ ඉතා ඉක්මනින් වටහා ගැනීමට හැකියාව ඇති නිසා ඉතා කෙටි කලකින් මූලික පුහුණුවීම් අවසන් කිරීමට හැකිවූ බව PADI කිමිදුම් උපදේශක ෂර්ලි කෝරලගේ මහතා පැවසනවා. ගොඩබිමදී මෙන්ම කිමිදුම් ස්ථානයට ගිය විට මුහුදට බැසීමට පෙර ඔක්සිජන් ටැංකිය, බඳපටි ආදිය නිසි පරිදි තිබේදැයි පරික්ෂා කළ යුතුය. එබැවින් එම පරීක්ෂාවෙන් අනතුරුව පුහුණුකරුගේ සහය මත බෝට්ටුවෙන් මුහුදට පැන ඇම්බර් මුහුදු පතුලේ සැඟවුණු ඇගේ ලෝකය සොයා කිමිදී යනවා. ඇම්බර්ගේ පියා සහ පුහුණුකරු ද ඇය පසුපස යනවා.

01

සාගර විද්‍යාඥවරියක් වීමට සිහින දකින ඇය 2021 පෙබරවාරි මාසයේදී PADI විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය හිමි කර ගත්තා. එම ප්‍රවීණතාව ලබාගත් ශ්‍රී ලංකාවේ ‘ළාබාලම’ දැරිය ඇය බව ඇයගේ පුහුණුකරු ෂර්ලි කෝරලගේ බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයකදී සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳව කළ විමසීමකදී PADI ආසියානු-පැසිෆික් ප්‍රාදේශීය කළමණාකරු රොබට් ජේ ස්කැම්මෙල් කියා සිටියේ ලාබාල අවධියේදී විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය දිනාගත් ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනා අතරින් ඇම්බර් රෝස් මාතරගේ එක් අයෙකු වන බව තමන්ට මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ හැකි බවයි. සාගර ලොවේ සන්නාම තානාපතිවරුන් වීම සඳහා කිමිදීම ඉගැනීමට උනන්දුවක් දක්වන දරුවන් පෙළඹ වීම ගැන අපි අතිශයින්ම සතුටු වන්නෙමු.

02

03

04

05