විවාහක රූ රැජින කිරුල ගලවා නැවත පලන්දපු දේශපාලඥයකුගේ බිරිඳක් වන ආශ්‍යාගේ සොදුරු කැදැල්ල

Life Story

අන්දෝලනේට තුඩු දුන්න විවාහක රූප රාජිණී තරඟාවලියේ කැරොලයින් ජූරි විසින් පුෂ්පිකගෙන් ගලවා ගත් කිරුල දෙවෙනියා වුණ ආශ්‍යා බස්නායකට පැලඳු පුවත මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයක් පුරාවටම මේ ගැන අද කා අතරත් කතා බහට ලක් වෙනවා. මිසිස් ශ්‍රී ලංකා අවසන් තරඟයේ කිරුල මාරු කරපු හුට පටය දැන් ඡාත්‍යන්තරය වෙතද ගොස් තිබෙන අතර ඡාත්‍යන්තර තරඟය සංවිධානය කරන ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර පිහිටි මිසිස් වර්ල්ඩ් IMC සමාගම ඊයේ දිනයේදීම සිද්ධියට ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. එහිදී කැරොලයින් ජූරිගේ හැසිරීම ගැන ඔවුන් මවිතය පල කර ඇති අතර ලංකාවේ තරඟය පවත්වන රෙගුලාසි උල්ලංගනය කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත්, ඒ ගැන විමර්ශනය කරන බවත් දන්වලා තිබෙනවා. ඉතින් ඒ සමාගම කැරොලයින්ගේ නිදහසට කරුණු විමසා ලිපියක් ඉල්ලාගෙන තම ආයතනය වෙත යොමු කරන ලෙස ලංකාවේ සංවිධායක ලෙස කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහත්මයාටද දැන්වා තිබෙනවා. කෙසේ වෙතත් කරුණු සමාලෝචනය කරන තුරු කැරොලයින්ගේ රූප රාජිණී කිරුල සම්බන්ධයෙන් තීරණයක් ලබා දීමට ඡාත්‍යන්තර ආයතනය ඉක්මන් වී නැති බවයි දැන ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේම අපිට මේ වනවිට දැනගන්න ලැබෙන විදිහට ආශ්‍යා බස්නායක කියලා කියන්නේ දක්ෂ දේශපාලඥයකුගේ බිරිඳක් බවයි අපිටනම් දැනගන්න ලැබුණේ. පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායකගේ විවාහක බිරිඳ තමයි ඇය. ඉතින් ඒ වගේම තමයි දැන ගන්න ලැබෙන විදිහට ආශ්‍යා බස්නායක කියලා කියන්නේ එක් දරු මවක් බවයි දැනගන්න ලැබුණේ. ඉතින් මේ දවස් වල හැමෝම වගේ කතා කරන ආශ්‍යා බස්නායකගේ සුන්දර ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා. ඉතින් එම ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25