මෙවර සැබෑම විවාහක රූ රැජින පුෂ්පිකා පුතණුවන් එක්ක ගත්ත ආදරණීය ඡායාරූප 25ක්

Life Story

පහුගිය දා විවාහක රූ රැජිණ කිරුල සම්බන්ධ ගැටළුවට මැදි වුන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ඊයේ දිනයේදී පැවතී මාධ්‍ය හමුවකදී තරඟ සංවිධායකයින් විසින් යලි කිරුල ලබා දීමට කටයුතු කරලා තිබුණා. කොහොම නමුත් ඒ අවස්ථාවට චන්දිමාල් ජයසිංහ පැමිණ තිබුන නමුත් කැරොලයින් ජූරි මහත්මිය ඒ අවස්ථාවට පැමිණ තිබුනේ නැහැ. විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරඟයේදී තමන්ට සිදුවුණු අපකීර්තිය සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් මේ වගේ කතාවක් තමයි කියලා තිබුනේ. දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලා. මාව අපකීර්තියට පත් කරපු, ඇත්තම කිවුවොත් ඒ අයගේ නම් කියන්න ඕනේ නැහැ. ඔගොල්ලන් හැමෝම දැක්කා ඒ අවස්ථාවේ සියලුම දෙනා හැසිරුණු විදිහ. ඉතින් මන් ඒ සියලු දෙනාටම සමාව දෙනවා. දෙවියන් වහන්සේ උනත් උගන්නලා තියෙන්නේ වෛර කරන්න එපා හැමෝටම ආදරේ කරන්න කියලා. මොකද අද උනත් මගේ අම්මා තාත්තා මට උගන්නපු දේවල් ඒ හොඳ ගති ගුණ අපි වගේ දරුවෝ හදපු ඒ දෙමව්පියන්ටත් අපි කරන හොඳම ගෞරවය තමයි මිනිස්සුන්ට ආදරේ කරන එක. වෛර කළා කියලා ඊර්ෂ්‍යා කළා කියලා අපිට ලැබෙන දෙයක්නම් නම් නැහැ. වෛර කරන එකෙන් ඊර්ෂ්‍යා කරන එකෙන් වෙන්නේ ඇත්තටම අපි පිරිහෙන එක විතරයි. ඒ ගොල්ලෝ කරපු දේවල් ඒ ගොල්ලෝ අරගෙන යාවි. මන් කරපු හොඳ මම අරගෙන යාවි. මේ කිරුල මගේ නෙමෙයි. මන් වගේ දුක් විදින අම්මලාගේ. මට ජීවිතේ වැරදුන තැන ගොඩක් තියනවා. මම යකඩ ගැහැනියක්. මම වැටෙනවානම් වැටෙන්නේ මීට අවුරුදු තුනකට කලින්. ඇත්තටම එච්චරයි මට කියන්න තියෙන්නේ කියලයි ඇය පැවසුවේ. ඉතින් මේ පුශ්පිකාගෙන් උදුරාගත් කිරුල නැවත ඇයට පැළඳු උත්සවයේදී ලබාගත් ඇයගේ සහ ඇයගේ ආදරණීය පුතනුවන්ගේ ආදරණීය ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

01

02

03

04

04

05

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25