මටනම් ගරුත්වයක් නෑ, කෑ ගහන්න ඕනි තැනදි මම කෑ ගහනවා

Life Story

කුමාර තිරිමාදුර කියලා කියන්නේ කවුරුත් ආදරය කරන ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ කලාකරුවෙක්. ඔහු මේ වෙද්දි කලාවට සම්බන්ධවෙලා වසර තිස් පහක් ගතවෙනවාලු. ඔහු ඒ වෙනුවෙන් චිත්‍රපට උළෙලක් පවත්වන්න සියල්ල සූදානම් කරමින් ඉන්නවලු මේ දවස්වල.ඔහුටට අවුරුදු දහසයේදී තමයි ඔහු මුලින්ම වේදිකාවේ තම දක්ෂතා පෙන්වන්නේ. ඒ ලුම්බිණි රඟහලේදී. එතැන් සිට ඔහු මේ වෙනකන් වේදිකා නාට්‍ය සියයක විතර රඟපාලා තියෙනවා. ඔහු රඟපාපු ටෙලිනාට්‍ය ප්‍රමාණයනම් ඔහු කොහේවත් ලියාගෙන නැති නිසා ඒ ගැන කියන්න දන්නෑලූ. ඒඒ වගේම ඔහු සිනමාව සම්බන්ධව 2000 අවුරුද්ද වෙද්දි චිත්‍රපට පනහක රඟපාලා තිබුණා බවට මතකයිලු.ඒ අතරින් ඔහු ප්‍රධාන චරිතයකට මුලින්ම රඟපාලා තියෙන්නේ සොඳුරු දඩයම චිත්‍රපටය හරහා. ඒ වගේම කුමාර තිරිමාදුර කියන්නේ අසාධාරණයට එරෙහිව කතා කරන ඕනිම කෙනෙක්ට අවශ්‍ය දේ මුහුණටම කියන කෙනෙක්. ඉතින් ඔහුනම් කියන්නේ මටනම් ගරුත්වයක් නෑ, කෑ ගහන්න ඕනි තැනදි ඔහු කෑ ගහන බවයි. ඉතින් මේ ඔහුගේ ඡායාරූප පෙළක්