පුෂ්පිකා ද සිල්වා ඉදිරියේදී දේශපාලනයට එන්න බලාපොරොත්තුවෙමින් කියපු කතාව

Life Story

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇතිවුන ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්දයෙන් ලෝක විවාහක රූ රැජිණ සංවිධායකයින් මේ වනවිට නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. එමඟින් සඳහන් කරලා තිබුනේ වර්තමාන විවාහක ලෝක රූ රැජිණ වන ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි ඒ අවස්ථාවේදී හැසිරුණු ආකාරය පිළිබඳව සංවිධානයේ කනස්සල්ල පල කරන බවයි. එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධව ඇගයීමකින් පසුව පියවර ගන්නා බව එමඟින් අවධාරණය කරලා තිබුණා. ඉතින් ඒ වගේම පුෂ්පිකා ද සිල්වා තමන්ට සිදු වු අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතීඥවරුන් සමඟ අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලබන බව පසුගියදා අවසන් වූ විවාහක රූ රැජිණ තරඟයේදී සිදුවූ සිදුවීමෙන් පසුව සඳහන් කරලා තියනවා. එමෙන්ම ඉදිරියේදී තමන්ට දේශපාලනයට සම්බන්ධ වීමට වුවද හැකියාවක් ඇති බවද ඇය ප්‍රකාශ කළා. ඒ වගේම ඇය වෙනුවෙන් පෙනීසිටපු මෙන්ම ඇයට සහය දුන්නු හැමෝමට ස්තූති කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ. මට මේ දේ කරපු සියලු දෙනාටම මම සමාව දෙනවා. දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලා. මගේ දෙමව්පියන් මාව හැදුවේ ඒ විදිහට. ඒ වගේමයි මම දික්කසාද කාන්තාවකට වුවත් ඉදිරියේදී මෙවැනි තරඟවලට සහභාගිවීමට ඉඩක් ලබා දෙන්න කියලා හඬක් නගන්න මම කටයුතු කරනවා. මේ අවස්ථාවේදී මම වෙනුවෙන් පෙනී සිටිය සියලු දෙනා වෙනුවෙන් මම ස්තූතිය පුද කරනවා. එමෙන්ම පසුගිය මහ මැතිවරණයේදී පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ඉල්ලීම සිදු කළා කියලයි ඇය පැවසුවේ. ඉතින් මේ නැවතත් කිරුල හිමිවුණු පුෂ්පිකා ද සිල්වා මහත්මිය සුන්දර ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20