පුංචි තිරයේ අහිංසකාවිය උමයංගනා විවාහ දිවියට පත් වූ සොඳුරු අවස්ථාවේ ඡායාරූප

Life Story

උමයංගනා වික්‍රමසිංහ කියලා කියන්නේ ලංකාවේ බිහිවුන අති දක්ෂ රංගන ශිල්පිනියක් වගේම කලක් අහිංසක ආදරවන්තියගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් කෙනෙක්. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ චරිතාංග නිලියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හා දක්ෂ ගායිකාවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඇය ඉපදුනේ 1980 ඔක්තෝම්බර් 24 දිනයි. ඇය මුළින්ම සිය වෘත්තීය දිවිය ආරම්භ කළේ ටීවී දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක ලෙසයි. පසුව රංගනයට පිවිසි ඇය සිය රංගනයෙන් දායක වුණ පළමු ටෙලි සිතුවම වුණේ සුදත් රෝහණ මහතා අධ්‍යක්ෂණය කළ කටු ඉඹුල ටෙලියයි. ඉන්පසුව ඇය සුන්දරයි ප්‍රේමය සහ ඉතිං ඊට පස්සේ ආදී රූපවාහිනී ටෙලිනාට්‍ය ඔස්සේ මහත් ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්තා. ඒ වගේම උමයංගනා 2012 වර්ෂයේදී ඩෙන්සිල් ජයවීරගේ ‘වස්සානේ සෙනෙහස’ නම් චිත්‍රපටයට දායක වෙමින් රිදී තිරයට ද පා තැබුවා.ඇයට 2010 සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළියට හිමි සුමති සම්මානය ද දිනා ගත්තා. මෑත කාලයේදී වැඩි වශයෙන් කලා නිර්මාණ තුළින් දැකගන්න නොහැකි වුණත් සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි තිරය හටහා ඇය නැවතත් ප්‍රෙක්ෂක ආදරය දිනාගත්තා කිව්වොත් හරි. ඉතින් ඔන්න උමයංගනා ඊයේ දිනයේ විවාහ දිවියට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඇ‍යට සාර්ථක විවාහ දිවියකට සුබ පතමු.