නිලි සංගීතා වීරරත්න කාලේකට පස්සේ කියපු අමුතුම කතාව – ඡායාරූප සහිතයි

Life Story

සංගීතා වීරරත්න කියලා කියන්නේ කළා ක්ෂේත්‍රයේ දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය කාලෙකට පස්සේ හා හා පුරා කියලා ඇයගේ අලුත්ම කළා කටයුතු ගැන වගේම ඇයගේ පෞද්ගලික ජීවිතේ ගැනත් මෙන්ම මේ විදිහට තමයි කියලා තිබුනේ. මම කාලෙකට පස්සේ වෙනස්ම විදිහක ෆොටෝ ශූට් එකක් කළා. ඒක මම කැලැන්ඩරයකට තමයි කලේ. මේ සේයා රූ සංකල්පය රැෆෙල්ලාගේ. ඇයට අවශ්‍ය උනා මාව කවුරුත් දැකලා නැති විදහට වෙනස් කරලා ෆොටෝ ශූට් එකක් කරන්න. මමත් කැමති උනා ඉතින් ඒ වැඩේට. රැෆෙල්ලා ප්‍රර්නාන්දු කියලා කියන්නේ අලුත්ම විදිහට හිතන ගොඩක් දක්ෂ තරුණ ඡායාරූප ශිල්පිනියක්. එයාගේ ඡායාරූප කරණයට ඇත්තටම මම හරිම කැමතියි. වතුරේ ඉදලා තමයි රැෆෙල්ලාට මේ ඡායාරූප පෙළ ගන්න ඕන වුනේ. මම මීට කලින් වතුරේ ඉදලා ෆොටෝ ශූට් කරලා නැහැ. සිනමා නිර්මාණ වලදිනම් ඕන තරම් වතුරේ ඉදලා සිනමා නිර්මාණ කරලා තියනවා. ඒත් ෆොටෝ ශූට් එකකට මේ වතුරේ හිටපු පලවෙනි අවස්ථාව තමයි.

01

නිරුපිකාවක් හැටියට ගත්තොත් මට අනුව කැමරාව පිටිපස්සේ ඉන්නේ ටැලන්ට් එකක්. ගෑණුද පිරිමිද කියන එක වැඩ වලදී මට බලපාලා නැහැ. දක්ෂතාවය තමයි මට වැදගත්. මන් පොඩි කාලේ ඉදලා කැමරාවත් එක්ක හැදුන කෙනෙක්. ඉතින් ඒ නිසා කැමරාව ඉස්සරහා ඉන්න එක මට ගෙදර වගේ දැනෙන හැගීමක්. ඡායාරූප කරණයේදී දක්ෂතාවය කියලා කියන්නේ කැමරාවත් එක්කම ඇස හසුරුවන විදිහ. ඒකට ගෑනු පිරිමි බේදයක් නැහැ. ඡායාරූපයක් ගන්නවා කියන එක ඇත්තටම ලේසි වැඩක්නම් නෙමෙයි. මගේ තාත්තා ඒ කියන්නේ තිමොති වීරරත්න මට කැමරාව යම්තාක් දුරට පුරුදු කළා. ඉස්සර ඡායාරූප කරණය දැන් වගේ ලේසි පහසු නැහැ. දැන් වගේ තාක්ෂණය දියුනුත් නැහැ. ඡායාරූපකරණය ඉගෙන ගන්නවානම් ඉස්සර එඩිටින් වගේම ෆිනිෂින්, ප්‍රින්ටින් කියන මේ හැමදේම ඉගෙන ගන්න ඕනේ. ඒ කාලේ පින්තූර මුද්‍රණය කලේ අතින්. ඉතින් ඒ වගේම ඩාර්ක් රූම් වල වැඩ කරන්න ඕනේ. මේ දේවල් එක්ක මම සිනමාවට ආවට පස්සේ කාලයත් එක්ක ඡායාරූප කරණය මඟ හැරුනා. ඇත්තටම ඒ ගැන මට හරිම දුකයි. තාත්තාගෙන් ඒ ගැන තව ටිකක් මට ඉගෙන ගන්න තිබුනානම් කියලා හිතෙනවා. තමන්ගේ හැගීම් කලාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් එක් ප්‍රබල මාධ්‍යයක් තමයි කැමරාව කියලා කියන්නේ. මම ජීවන් කුමාරතුංග මහත්මයා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක රඟපෑවා, වසර ගණනාවකට පසුව චිත්‍රපටයක රඟපෑවේ. තව ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න මන් සුදානමින් ඉන්නවා කියලයි ඇය අවසානයේ පවසලා තිබුනේ. ඉතින් මේ අපූරු රංගන ශිල්පිනියගේ සුන්දර ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15