නිරූපණ ශිල්පිනී නර්මදා අබේවර්ධනගේ ආදරණීය පුතු ආදිගේ උපන්දින සාදයේ ඡායාරූප 25ක්

Life Story

ජනප්‍රිය නිරුපිකාවක්, වැඩසටහන් නිවේදිකාවක් මෙන්ම හිටපු විවාහක ලක් රූ රැජිණක් තමයි නර්මදා යාපා අබේවර්ධන කියලා කියන්නේ. ඇය විවාහක ලක් රූ රැජිණ කිරුල පලදින්නේ 2018 වසරේදී. ඉතින් ඇය ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන පහුගිය දවසක කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි. ඇත්තටම මන් මොඩ්ලින් කරන්න අසාවෙන් හිටියේ නැහැ. මුලින්ම චන්න විජේවර්ධන මහත්මයා යටතේ හිටපු පලවෙනි ප්‍රොපෙෂනල් ඩාන්සර් කෙනෙක් මම. ගොඩක් දේවල් ඉගෙන ගත්තේ එයාලගෙන්. ඒ පාරෙන් තමයි මම එක එක පැති වලට ගියේ. ජනක මාව දාලා ගියා. එයා එයාගේ මාර්ගයේ ගියා. මන් මගේ මාර්ගයේ ආවා. අපි දෙන්නා ජීවිතේ අවුරුදු හතක් එකට හිටියා. ආදරෙන් හිටියා. යම් කාලයකදී ඕනෑ එපාකම් එනවනේ. ඉතින් ඒ හින්දා වෙනස් වෙන්න පුළුවන්. මට ඇත්තටම ඕනේ උනේ හොඳ පවුල් ජීවිතයක්. බබාලා වගේම හොඳ හස්බන්ඩ් කෙනෙක්. ඉතින් අපි ගොඩක් කැමති දේවල් අපිට හම්බවෙන්නෑ කියනවනේ. ඉතින් ඉස්සර අපි දෙන්න එකතුවෙලා බබාගේ වැඩ කරනවා. හිටපු ගමන් අපි රණ්ඩු එහෙමත් වෙනවා. අපි දෙන්නා දැන් හොඳ යාලුවෝ. මාත් මනුස්සයෙක්. මන් ගොඩක් මෙන්ටලි වැටුනා. බෙහෙත් එහෙමත් බිව්වා. ගොඩක් දුක් වින්දා. මගේ කිසිම දේකදී දාලා යන්නැති මගේ අක්කි මන් ලඟ ඉන්නවා. මට ජීවිතේ ඇත්තටම ආදරේ කරනවා කියලා කෙනෙක් ඉන්නවා කියන එක දැක්කේ මන් එයාගෙන්. ජීවිතේ ගොඩක් දුක් විදිනවා. එතන නතර වෙන්නේ නැහැ. දුක් වෙන්නේ නැහැ. ඉතින් මන් ගොඩක් රිස්ක් ගත්ත කෙනෙක්. මන් එවෙලෙට තිබ්බ හොඳම ඔප්ෂන් එක අරන් මගේ ගමන යනවා. එහෙම ලොකුවට පෙන්නන්න ශක්තිමත් චරිතයක් නෙමෙයි මම කියලයි ඇය අවසානයේ කියලා තිබුනේ. ඉතින් මේ ආදරණීය නිරූපණ ශිල්පිනියගේ ලොකු පුතා ආදිගේ උපන්දිනය පසුගිය දවසක ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ආදිට සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන්ම මේ අපූරු උපන්දින සාදයේ ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25