ජනප්‍රිය නිලි පියුමි බොතේජුගේ ඔබ මින් පෙර නොදුටු ඡායාරූප 25ක්

Life Story

පුංචි තිරයේ බොහෝදෙනෙක් ආදරය කරන බොහෝ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියලා කියන්නේ. පාසල් අධ්‍යාපනය ලබන කාලේම 2001 ලක්හඩ ITN අවුරුදු කුමාරි තරඟයෙන් කිරළු දරමින් ඇය කලා ලෝකෙට පිවිසුනා. පියුමි හීන දැකලා තිබුනේ ගුවන් සේවිකාවක් වෙන්නලු. ඒ වෙනුවෙන් ඇය භාෂා කිහිපයක්ම ඉගෙනගෙනත් තියනවා. කොහොම හරි ඉතින් දෛවය ඇයව රංගන ශිල්පිනියක් කරලා තියනවා. පුංචි තිරයට එන්න කලින් ඇයට ලක්හඩ ගුවන් විදුලිය ඔස්සේ නිවේදනය පුහුණු වෙන්න අවස්ථාව ලැබිලා තියනවා. ඊට පස්සේ පියුමි යන්නේ ජාතික රුපවාහිනියට, එහිදී නිවේදනය වගේම වැඩසටහන් නිෂ්පාදනය ගැනත් හොඳ පුහුණුවක් ලබන්න වාසනාව ඇයට ලැබිලා තියනවා. ඔය අතරේ තමයි පියුමි රංගනයට එන්නේ. ඉතින් ඇයගේ ජීවිත කතාව ගැන ඇය මෙන්න මේ වගේ කතාවක් තමයි අපිට කිවුවේ. අපි බොහොම සරල මද්‍යම පාන්තික පවුලක්. අම්මාගෙයි, තාත්තාගෙයි ශක්තියෙන්ම නැගිට්ට පවුලක්. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා බැංකු ක්ෂේත්‍රයේ. දැන් දෙන්නාම විශ්‍රාම සුවයෙන් ඉන්නේ. අපි ඉස්සර කුලී ගෙවල් වල පවා හිටියා. හැබැයි අම්මයි, තාත්තයි අපිට පුළුවන් උපරිමයෙන් හැමදේම දීලා ආදරයෙන් බලා ගත්තා. කවදාවත් අපිට ඔයා මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලා නීති දැම්මේ නෑ. අද මම රටේ ජනප්‍රිය කෙනෙක් වෙලා ඉන්නේ මාව ආදරෙන් හැදුව නිසා. මට ඉන්නේ අයියලාම තුන් දෙනෙක්. මම පවුලේ බාලයා වගේම එකම කෙල්ල. දැන්නම් එක අයියා කෙනෙක් විදෙස් ගතවෙලා ඉන්නේ. හිතාගන්න පුළුවන්නේ කොල්ලෝ තුනක් ඉද්දි කොහොමද කියලා.

01

සුන්දර ළමා කාලයක් මට තිබුණා. වේදිකාවේ අත්දැකීම් ලබන්න තරම් මට වාසනාව ලැබුනා. මගේ පළමු වේදිකා නාට්‍ය වෙන්නේ මල්සර බිසව්. ඊට පස්සේ මම දිය වෙලා කියන වේදිකා නාට්‍යට සම්බන්ද වුණා. ඒ වෙනුවෙන් මට කුසලතා සම්මානයක් පවා ලැබුනා. වේදිකාවෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියනවා. මේ කාලය වෙද්දීනම් වේදිකාවට කැපකරන්න තරම් කාලයක් නැති නිසා යම් ඈත් වීමක් තියනවා. ඒ වගේම කාලයක් ගිරිරාජ් අයියා සහ ප්‍රියන්ත අයියත් එක්ක ප්‍රහසන කෙටි නාට්‍ය කිහිපයකට සම්බන්ද වෙලා ලොකු අත්දැකීමක් ලැබුවා. මිනිස්සුන්ට හිනා වෙන දේවල් අපිට ඕන තරම් කරන්න පුළුවන්. හැබැයි මිනිස්සු හිනා ගස්සන එක ලේසි දෙයක් නෙමෙයි. ප්‍රහසනය කියන එක හරියට අදුරගන්න ඕන දෙයක්. එක හරියට තේරුම් නොගෙන ප්‍රහසනය කරන්න බෑ. මන් දැන් අවුරුදු නමයක්තිස්සේ ඉන්නවා. අදටත් මට ඒ දෙන්නගෙන් ඉගෙන ගන්න දේවල් තියනවා. කොහොම උනත් මට අම්මට තාත්තට උපරිමයෙන් සලකාගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න තමයි ඕනේ කියලයි ඇය අවසානයේ පැවසුවේ. ඉතින් මේ කවුරුත් ආදරය කරනු සුරූපී රංගන ශිල්පිනියගේ ඔබ මින් පෙර නොදුටු ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25