ජනප්‍රිය නළු නිලි චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලකගේ ආදරණීය කැදැල්ලේ ඡායාරූප 25ක්

Life Story

චතුරිකා පීරිස් කියන්නේ පෙනුමෙන් තාමත් නව යොවුන් වියේ තරුණියක් වගේ ඉන්න ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. චතුරිකාට අදටත් පෙම්වතියගේ චරිතයට ආරාධනා ලැබෙන්නේ ඒ නිසාම වෙන්න පුළුවන්. කෙසේ නමුත් පාසල් නිල ඇදුමක් ඇන්දොත් පාසල් යන දියණියක මෙන් ඉතාමත් කෙළිලොල් පෙනුමක් ඇති චතුරිකාගේ වයස දැන් අවුරුදු 41යි. මීට දශකයකට පෙර ලංකාවේ සිනමාවේ සහ පුංචි තිරයේ සිටි ප්‍රසිද්ධම රංගන ශිල්පිණිය ලෙස චතුරිකා පීරීස් මහත්මිය හැදින්විය හැකිය. ඇය ටෙලිනාට්‍ය කලාවෙන් පැමින සිනමාවද ජයගත් නිලියක් වනවා. ඇය ඉපදිලා තියෙන්නේ 1981 ජනවාරි 2වන දිනයි. ඉතින් ඒ වගේම අපේ රටේ අපි කව්රුත් ආදරේ කරන කලා යුවලක් තමයි චතුරිකා වගේම ගයාන් වික්‍රමතිලක කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය යුවල අතරට පහුගිය කාලයේ කිරි සුවදත් අරගෙන පුංචිම පුංචිම දූ කුමරියක් ආවා කියන එකනම් මේ වෙනකොට අපි කාටත් රහසක් නෙමෙයි. ඉතින් චතුරිකා කියන්නේ දැන් දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවක්. ඇගේ බාල සොහොයුරිය වන පූර්නිකා පීරිස් ද අප කවුරුත් දන්නා පරිදි ටෙලි නාට්‍ය නිළියක් සහ රූපවාහිනී නිවේදිකාවක් වනවා. චතුරිකා මුලින් ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ඇසුරු කළ අතර එහිදී ඔවුන් වෙන් වූයේ 2014 දී ය. නැවත එම වසරේදීම ඇය ප්‍රසිද්ද නළු ගයාන් වික්‍රමතිලක සමඟ විවාහ වුණා කියන්න නොදන්නා කෙනෙක් නැහැ. ගයාන් සහ චතුරිකාට මේ වනවිට “බොබී හවුස්” නම් ඇඟලුම් සාප්පුවක්ද තියනවා. චතුරිකා පීරිස් කියන්නේ අපේ රටේ සිනමාවේ ඉතා ජනප්‍රිය සිනමා නිළියක්. ඇය සිය ප්‍රථම සිනමාපටය ලෙස රඟපෑවේ 2004 දී සෙනේෂ් දිසානායක බණ්ඩාරාගේ අදරණීය වස්සානය චිත්‍රපටයයි. එහිදී ඇය ප්‍රධාන නිළිය චරිතය නිරූපණය කළා. 2013 වසරේ 8 වන රූපවාහිණී රාජ්‍ය සම්මාන උළෙලේදී ස්වයංජාත ටෙලිනාට්‍යහිද ප්‍රධාන චරිතය වෙනුවෙන් ඇය හොඳම නිළියට හිමි සම්මානය සහ 2012 සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම ටෙලිනාට්‍ය සහය නළුවාට හිමි සම්මානයද දිනා ගෙන තියනවා. ඉතින් මේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියට හැමදාමත් මේ වගේ ආදරයෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රර්ථනා කරන ගමන්ම ඇයගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25