ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධන ඔහුගේ ආදරණීය බිරිද ශෂිනි වෙනුවෙන් කියූ ප්‍රේමණීය කතාව

Life Story

ඔහු මෙලොව හුස්ම ගැනීම අරඹන්නේම කලාවත් සමගිනුයි. එයින් ලද පන්නරයෙන් ඔහු මේ වනවිට බොහෝ දුරක් ගමන් කර හමාරයි. ඉතින් ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ පුංචි තිරයේ කාගේත් ආදරය දිනා ගත්ත දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් පහුගිය දවසක ඔහුගේ විවාහ සංවත්සරය යෙදිලා තියනවා දැකගන්න ලැබුණා. ඒ විතරක්ම නෙමෙයි ඔහුගේ බිරිඳගේ උපන්දිනයත් පහුගිය දවසක ඔවුන් එකතුවෙලා සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ ශෂිනිගේ උපන්දිනය වෙනුවෙන් ධනංජය සිරිවර්ධන මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුනේ. මගේ ලෝකෙ Miss Sri Lanka ත්, Mrs Sri Lanka ත් ඔයාම තමයි. කිරුළ නොපලත්, යන යන තැන, මට ආඩම්බරයක් වූ ඔබ, ඔබට ආඩම්බරයක් වූ ඔබ, ගැහැණු කමට ආඩම්බරයක් වූ ඔබ, රැජිනකි. සුබ උපන්දිනක් ඔයාට කියලයි ධනංජය සිරිවර්ධන ඒ විදිහට සඳහන් කරලා තිබුනේ. ඉතින් ඒ වගේම තමයි මේ දෙන්නගේ විවාහ සංවත්සරය වෙනුවෙනුත් ඔවුන් හරිම හැඟුම්බර ආදරණීය සටහනක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් වලට එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

01

2014/4/4 එවන් රැයක, ඔබ මා අතිනත ගත් බව අසා, තරු හිනහුනා මතකයි, එවන් රැයක, විටෙක ඈත් වෙමින්, විටෙක ලං වෙමින්, හඩාවැටුනු හදවත්, සදාතනිකව එක් උනා මතකයි, එවන් රැයක, සතර වන දින, සතරවන මස, දෙදහස් දා සතර වන වසරක, සතර වරිගයම සුබ පැතුවා මතකයි, එවන් රැයක, හුදකලා සුසුම් වැල්, සුලං රැල්ලේ පාකර, අතීතය වර්තමානය වී, වර්තමානය අනාගතය වී අප, එක් උනා මතකයි, එවන් රැයක, අමතක නොවන මතකාවර්ජනා, ජීවිතය කෙතරම් සොඳුරු දැයි, යලි යලි පසක් දෙනු ඇත. මෙවන් රැයක, මා දුටු හොඳම පෙම්වතිය, හොඳම බිරුඳ වී, හොදම මව වෙමින් මාහට, ජීවිතය කියාදෙනු ඇත. මෙවන් රැයක, ඔබ මා සතු එකම බලාපොරොත්තුවයි, මා වෙහෙසෙන හැම මොහොතක්ම, ඔබ විසින් නිර්මාණය කළ, ඒ පුංචි පවුල වෙනුවෙනි. මෙවන් රැයක, දිනෙන් දින මා සමග වියපත් වන, ජීවිතය, ආදරය, ප්‍රේමය, ඔබ බව යලි යලිත් කියන්නෙම්. ඔබ මා එක් වුනු, සත් සංවත්සරය, 2021/4/4 කියලයි කඩවසම් රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන සෙනෙහසින් ඒ විදිහට සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ විදිහට පසුගිය දවසක් උපන්දිනය සමරපු ශෂිනි සිරිවර්ධනටත් අපි සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙනුත් සුබපැතුම් එකතු කරන අතරේ ජීවිතයේ හැමදාම මේ වගේ ආදරෙන් සතුටෙන් ඉන්න වාසනාව ලැබෙන්න කියලා අපි හඳවතින්ම ප්‍රාර්ථනා කරමු.

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20