ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ඔහුගේ රෝගය ගැන හෙළිකල කවුරුත් නොදැන සිටි සංවේදී කතාව

Life Story

ක්‍රීඩාව කියලා කියන්නේ මිනිසුන්ගේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය වගේම කලාව මිනිසුන්ගේ මානසික පැවැත්මට අවශ්‍ය දෙයක් කිවුවොත් ඒ දේ හරියටම හරි. කලාව හැම පැත්තටම යොමු කරන්න පුළුවන් දෙයක්. කලාවෙන් සමාජයේ ඕනෑම තලයකට ආමන්ත්‍රණය කරලා හොඳ පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්. කලාව ගැන ඔහු හිතන්නේ ඒ විදිහටයි. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි ලෝකයක් ආදරය කරන සුප්‍රකට ක්‍රිකට් තරුවක්, සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්, ඩිල්ස්කූප් නමින් ක්‍රිකට් ක්‍රීඩාවට නවතම පහරක් හඳුන්වාදුන්න නිර්මාතෘ වරයෙක්. කොහොම නමුත් මේ ලෝකයක් හඳුනන අපේ ආදරණීය ක්‍රීඩකයා තමයි තිලකරත්න දිල්ෂාන්. මේ දවස්වල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරයක නිරත වනවා. ඔවුන් එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි වලින් අන්ත පරාජයක් ලැබූ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්නම් ඉන්නේ ඒ තරම් හිත හොඳකින් නම් නෙමෙයි. ඉතින් ඒ විදිහට කනස්සල්ලෙන් ඉන්න ප්‍රේක්ෂකයන්ගේ දුක තුනී කරමින් යම් ජීවයක් ලබා දීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකි වුණා. සනත් ජයසූරියගේ පුල් පහර, තිලකරත්න දිල්ෂාන්ගේ ඩිල්ස්කූප් එක, නුවන් කුලසේකරයන්ගේ පන්දු යැවීම, රංගන හේරත්ගේ දඟ පන්දු යැවීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයාව අමුතු තැනකට අරගෙන යාමට සමත් වුණා. කොහොමින් කොහොම හරි ශ්‍රී ලංකා ලේජෙන්ඩ්ස් කණ්ඩායමට ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ අනුශුරතාවය ලබා ගැනීමට හැකි වුණා.

01

තරඟාවලියේ වැඩිම ලකුණු සහ කඩුළු ලාබියා වුනු තිලකරත්න දිල්ෂාන් තරඟාවලියේ වීරයා බවට පත් වුණා. දිල්ෂාන් කෙතරම් කැපවීමෙන් මේ තරඟය ක්‍රීඩා කලාද කියනවානම් ඔහුගේ කලවා ප්‍රදේශයේ අභ්‍යන්තර ලේ වහනයක් නිසා ශ්‍රී ලංකාවේ නිරෝදායනයේ පසුවෙන අවස්ථාවේ RMI පරීක්ෂණයකට පවා ඔහුට මුහුණ දෙන්න සිද්ද වුණා. ඔහුනම් කියන්නේ කාලෙකට පස්සේ ක්‍රිකට් ක්‍රීඩා කරන නිසාම ගොඩක් අයට ආබාධ ඇති වුණා කියලා. ළඟ ළඟ තරඟ තිබුණු නිසා වේදනා නාශකවල පිහිටෙන් තමයි ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ. 19වෙනිදා සෙමි ෆයිනල් එකට සෙල්ලම් කරලා තියෙන්නෙත් වේදනා නාශක බෙහෙත් බීලා. ඒ තරඟයෙන් පස්සේ ආබාධය තරමක් වැඩි වෙලා. ෆයිනල් එක දවසේ ඇවිදින්නත් අමාරු තත්වයක් තමයි තිබිලා තියෙන්නේ. ඒ නිසාම ඉන්ජෙක්සන් එකක් ගහගෙන තමයි ෆයිනල් එකට සෙල්ලම් කරලා තියෙන්නේ. කොහොම උනත් මේ ආබාධය සම්පුර්ණයෙන්ම සුව වෙන්න තව මාසෙක විතර කාලයක් විවේකයෙන් ඉන්න වෙයි කියලා වෛද්‍යවරු කියලා තියනවා. ඉතින් අපි මේ දක්ෂ නිහතමානී ක්‍රීඩකයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15