ප්‍රියංකරට සැත්කම් දෙකක් කළා.හිටියට වඩා හොඳයි. පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තොත් දැන් නිදහසක් දැනෙනවා

 

පුංචි තිරය තුළ බොහොමයක් චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය නම් කොයි කාටත් මතකයි. ඒ වගේම බොහෝ දෙනෙක් ඇයගේ මේ චරිතයට ආදරේ කරනවා.ඒ වෙන කවුරුත් නෙවෙයි සිනමාවේ දැවැන්ත චරිතයක් වූ දිල්හානි ඒකනායකයි.

දිල්හානි ගැන කතා කරද්දි පසුගිය දවස්වලදී කතාබහ කළ යුතු චිත්‍රපටයක් වූ ජංගි හොරා චිත්‍රපටයට ඇය රංගනයෙන් දායකත්වය දැක්වුවා.එනිසා එය ප්‍රේක්ෂකයන්ගේ කතා බහට ලක්වුණු චරිතයක් බවට පත් වෙද්දී පුංචි තිරයේත් විවිධ චරිත හරහා දිල්හානිව අපිට දැක බලා ගන්න පුළුවන් උනා.

දිල්හානි විවාහ වුණේ ක්ෂේත්‍රයේ තවත් දක්ෂ ගායකයෙකු ප්‍රියංකර පෙරේරා සමග.හැබැයි පසුගිය දවසක ඔහු හිතන්නෙවත් නැති මොහොතක දරුණු විදිහට අසනීප තත්ත්වයකට මුහුණ දුන්නා. මේ නිසාම ඔහුගේ එක් පාදයක් ඉවත් කරන්නත් සිද්ධ වෙලා තියෙනවා.ඒ සියලු දේවල් එක්ක ගත කරන ජීවිතය ගැන දිල්හානි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“පුද්ගලික ජීවිතය පැත්තෙන් කතා කලොත් ලොකු නිදහසක් දැනෙනවා. දැනට මම කාර්යබහුල වෙනවනම් වෙන්නේ මගේ වෘත්තිය අංශයෙන් විතරයි.ප්‍රියංකරගේ තිබුණු අසනීප තත්ත්වය එක්ක එයාට සැත්කම් දෙකකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ සැත්කම් දෙකම ඉවරයි. පොතත් විවාහ වුණා. ඒ නිසා ලොකු ප්‍රශ්න නෑ. ප්‍රියංකරට දැන් හොඳයි හිටියට වඩා ගොඩක් හොඳ තත්වෙක ඉන්නවා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ සම්බන්ධයෙන් ඇය අදහස් දක්වලා තිබුණේ. කෙසේ නමුත් ඇයටත් ප්‍රියංකරටත් ඉතාම සතුටෙන් ජීවිතය ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනා එක් කරන්නෙමු

මේනක මට කියන්නේ බේබි කියලා එයා කොහෙදි හරි මට නම කියලා කතා කරොත් මම ඒකට කැමති නෑ

 

කලා ලෝකය තුල ඉන්න ආදරණීය රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පිරිස් කියන්නේ.මේ වේදනං ඇයව ලංකාවෙදි අපිට දැක බලා ගන්න අවස්ථාව උදාවෙන්නේ නෑ. හේතුව නෙහාරා සහ මේනක ආදරණීය දරුවන් දෙදෙනා සමග විදෙස්ගත වෙලා තමයි කාලය ගත කරන්නේ.

ඔවුන් ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් අහලා තිබුණා ආයෙමත් ලංකාවට එන්නැද්ද් කියලා.හැබැයි ඉඩක් ලැබුණු සෑම අවස්ථාවකදීම ඔවුන් නැවත වතාවක් ලංකාවට එයි.පසුගිය දවසක ලංකා ඉන්න කාල සීමාවේදී මේනක ඔහුගේම ටෙලි නිර්මාණයක් අධ්‍යක්ෂණය කළා.එය ටෙලි නිර්මාණයට නෙහාරටත් රංගනයෙන් දායකත්වය දක්වන්න අවස්ථාව උදාවුණා.ඉතින් ඒ දේවල් එක්ක ඔවුන් ගත කරපු ජීවිතය ගැන නෙහාරා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මේනක ඩිරෙක්ට නෙමෙයි ප්‍රසිඩන් වුණත් අපි දෙන්නට දෙන්නා අමතන විදිහක් තියෙනවා.අපි ආදරය කරපු මුල් කාලේ ඉඳන්  මේනක මට නෙහාර කියලා කතා කරන්නේ නෑ. baby කියලා තමයි අපි දෙන්නට දෙන්නා අමතන්නේ නැත්නම් වෙන වචන තියෙනවා.අපි සමහර තැන්වල ප්‍රොෆෙෂනල් වෙන්න ඕනෑ තමයි. නමුත් මේනක කොතනකදී උනත් මම නම කියලා අමතනවට කැමති නෑ.”

ඉතින් එහා රාය සම්බන්ධයෙන් ඒ විදිහේ කතාවක් තමයි කියලා තිබුනේ. කෙසේ නමුත් ඔවුන්ට තවත් බොහෝ කාලයක් සතුටින්ම ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.

මම දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ජපානෙන් වාහන ගෙන්වන බිස්නස් එකක් කරගෙන යනවා


ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්. නිළියක් හැටියට වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ඇය ක්ෂේත්‍රය පුරාම ප්‍රසිද්ධයි.ඇයගේ මේ අපූරු නර්තන හැකියාව නිසාම රියලිටි වේදිකාවේ මිනිසුරුවරියක් විදිහටත් කටයුතු කරන්නට ඇයට අවස්ථාව ලැබුණා.

ඩිෂ්නි ගැන කතාකරද්දි මෑතකදී ඇය ලංකාව දාලා ඕස්ට්‍රේලියාවට යනවා.ඒ යන්නේ ඇයගේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන්.මේ වෙද්දි ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් ගත කරනවා කියලා තමයි සඳහන් කළේ. ඇයට ජීවිතය තුළ අරමුණක් තියෙනවාලු ඉතින් ඒ අරමුණ වෙනුවෙන් තමයි ඇය මේ දිවා රෑ නොතකා මහන්සි වෙන්නේ.හිටපු හැටියේම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඇය බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ආපහු අවස්ථාවකදී ඩිෂ්නි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ මම එකපාරටම ලංකාවෙන් ආවා නෙවෙයි. මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා තමයි මාස්ටර් එක කරන්න මට යන්න තිබුණේ. නමුත් යම් යම් කලා කටයුතු නිසා ඉගෙනීම කල් ගියා. මෙගා ස්ටාර් නිසා කල් ගියා. ඒ එක්කම විනිශ්චය මණ්ඩලයට මාව සම්බන්ධ කර ගත්ත නිසා ආයෙම කල් ගියා. ඒ නිසා මම හිතුව ඒ දේවල් ඉවර වුණු ගමන්ම මගේ මාස්ටර් ඉවර කරන්න ඕනේ කියලා. ඒ නිසයි මම ඔස්ට්‍රේලියාවට ආවේ.

මම
ඔස්ට්‍රේලියාවේ මාස්ටර් එකට ඉගෙන ගන්න ගමන් මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ජපානයෙන් වාහන ගෙන්වන බිස්නස් එකක් කරගෙන යනවා. ඒ එක්කම මට ආසාවක් තිබුණා. ඔස්ට්‍රේලියාවේ නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න. ඔය දේවල් තමයි මම මෙහෙ ඉඳන් කරන්නේ.”

ඉතින් ඇගේ අනාගත ජීවිතයත් සාර්ථක වේවා කියා අපිත් එක්ක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

මගේ බිරිඳ රාගම වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානී.මෙහේ ඉගෙන ගන්න දරුවෝ දාලා රට යන්න එයා කැමති නෑ

 


නිවේදන කලාව තුළ තමන්ටම කියලා අනන්‍යතාවයක් හදාගත්තු නිවේදන ක්ෂේත්‍රයේ ආදරණීය නිවේදකයෙක් තමයි නාරද බක්මීවැව කියන්නේ. ඔහු ඕනෑම රටාවකට භාෂාව හසුරවන්න පුළුවන් දක්ෂයෙක් ඒ නිසාම බොහෝ දෙනෙක් මේ සුන්දර කලාකරුවට ආදරෙයි. 

ඒ කාලේ හැමෝටම මතක වැඩසටහනක් තිබ්බා. ඒ රස රිසි වැඩසටහන.මේ වැඩසටහන නිවේදනයෙන් හැඩ කළේ නාරද සහ තනුජා.ඒ සුසංයෝගය නිසාම බොහෝ දෙනෙක් ඔවුන්ට ආදරය කරා දැන් අවුරුදු විසිපහකටත් වැඩි කාලසීමාවක් වුණත් අද වන විටත් ප්‍රේක්ෂක ආදරය නම් නාරදට නොඅඩුව ලැබෙනවා.නාරද වැඩිය අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඒකට හේතු ගණනාවක් තියෙනවා .ඇයගේ බිරිඳ ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. ඒ ජීවිතය නිසාම ඔහුට ඔහුගේ ජීවිතය කැප කරන්න සිද්ධ වුනා.ඒ සම්බන්ධයෙන් නාරද කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඔව් එහෙම කියන්න පුළුවන්. මම පීක්ම කාලේ වැඩ ගොඩක් කළා. මහන්සි වුණා. දැන් හරි වැඩක් ලැබුණොත් කරනවා. බිරිද දිනුෂා බක්මීවැව වෛද්‍යවරියක්. ඇය රාගම වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානි විදිහට කාර්‍යබහුල ජීවිතයක් ගතකරනවා. සමහර දවස්වලට පාන්දර තුනේ ඉඳලා වැඩ. එයාට ඕන සේවයක් කරන්න. කරලා හොඳක් අහන්නත් නැහැ. සමහර වෙලාවට එයා ඇතැම් දේවල්වලින් මානසිකව විදවනවා මම දැකලා තියෙනවා. ඉතිං මම කියනවා කොච්චර කළත් වැඩක් නැහැනෙ කියලා. එයා ඒ වෙලාවට කියනවා කමක් නැහැ මම හරි දේ කළා නම් හරි කියලා එයා තෘප්තිමත් විදිහට රැකියාව කරගෙන යනවා. විදෙස් රටවල් වලින් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරන්න ආව අවස්ථා ඔක්කොම එයා අපේ රටේ දරුවන් වෙනුවෙන් කැප කරන්න ඕන කියලා මඟ හැරියා. ඒ නිසා එයාට නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දීලා පුළුවන් විදිහට එයාට හයියක් වෙලා ඉන්නවා. දරුවෝ ගෙදර කටයුතු ගැන මම ටිකක් වැඩිපුර බලනවා. මඟ හැරෙන අවස්ථාත් නැතුවම නෙමෙයි .”

ඉතින් ඔවුන්ගේ ජීවිත දවසින් දවස සාර්ථක වේවා  කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

මට රඟපාන්න ආරාධනා ඇවිල්ලා තියෙනවා.ඒත් රංගන ක්ෂේත්‍රයට යන්න පොඩ්ඩක්වත් කැමති නෑ

මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන ගායන ක්ෂේත්‍රය තුළ අලුත්ම ගමනක් යන ආදරණීය ගායිකාවක් තමයි මාරියා නෝනිස් කියන්නේ.මාරියා කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ගායකයෙක් වුණු නදීර නෝනිස්ගේ ආදරණීය එකම දියණිය.

ඇය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ එක්තරා අවුරුදු උත්සවයකදී තාත්තත් එක්ක අවුරුදු වැඩසටහනකට ඇවිල්ලා ගීත ගායනා කිරීමත් සමඟයි.ඊට පස්සෙ ඇයට ලැබුණු ජනප්‍රියතාවයත් එක්ක ඇයගේම ගීතයක් එළියට ආවා.

මේ වෙදි සංක දිනෙත් කියන ප්‍රවීණ ගායන ශිල්පියාත් ඇයට ගීතයක් නිර්මාණය කරලා දීලා තියෙනවා.ඒ ගීතයත් ප්‍රේක්ෂකයන් අතරට ඉතාමත් ඉක්මනින් එයි කියලා තමයි ඇය සදහන් කරන්නේ.

ඒ වගේම තමයි ප්‍රසිද්ධ උනාට පස්සේ බොහෝ දෙනෙකුට  ආරාධනා ලැබෙනවා රංගනයටත් සම්බන්ධ වෙන්න.ඉතින් ඇයටත් ඒ වගේ ආරාධනා ඇවිල්ලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“රඟපාන්න ආරාධනා ඇවිල්ලා තියෙනවා ඒත් කවදාවත් රංගන ක්ෂේත්‍රයට යන්න පොඩ්ඩක්වත් කැමැත්තක් නෑ.පොඩි කාලේ ඉඳන්ම අදත් මට කැමති දේ කරන්න නිදහස දීලා තියෙනවා තාත්තා ගොඩක් හොඳයි. කිසි දේකට අණ කරන්නේ නෑ. ඒ නිසා හොඳයි හැබැයි මියුසික් කරද්දි නම් හරියට කරන්නේ නැති උනහම තරහා යනවා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඇයගේ ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.මාරියාගේ අනාගතයත් සාර්ථක වේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

මගේ බිරිඳ රාගම වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානී.මෙහේ ඉගෙන ගන්න දරුවෝ දාලා රට යන්න එයා කැමති නෑ

නිවේදන කලාව තුළ තමන්ටම කියලා අනන්‍යතාවයක් හදාගත්තු නිවේදන ක්ෂේත්‍රයේ ආදරණීය නිවේදකයෙක් තමයි නාරද බක්මීවැව කියන්නේ. ඔහු ඕනෑම රටාවකට භාෂාව හසුරවන්න පුළුවන් දක්ෂයෙක් ඒ නිසාම බොහෝ දෙනෙක් මේ සුන්දර කලාකරුවට ආදරෙයි. 

ඒ කාලේ හැමෝටම මතක වැඩසටහනක් තිබ්බා. ඒ රස රිසි වැඩසටහන.මේ වැඩසටහන නිවේදනයෙන් හැඩ කළේ නාරද සහ තනුජා.ඒ සුසංයෝගය නිසාම බොහෝ දෙනෙක් ඔවුන්ට ආදරය කරා දැන් අවුරුදු විසිපහකටත් වැඩි කාලසීමාවක් වුණත් අද වන විටත් ප්‍රේක්ෂක ආදරය නම් නාරදට නොඅඩුව ලැබෙනවා.නාරද වැඩිය අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඒකට හේතු ගණනාවක් තියෙනවා .ඇයගේ බිරිඳ ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. ඒ ජීවිතය නිසාම ඔහුට ඔහුගේ ජීවිතය කැප කරන්න සිද්ධ වුනා.ඒ සම්බන්ධයෙන් නාරද කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඔව් එහෙම කියන්න පුළුවන්. මම පීක්ම කාලේ වැඩ ගොඩක් කළා. මහන්සි වුණා. දැන් හරි වැඩක් ලැබුණොත් කරනවා. බිරිද දිනුෂා බක්මීවැව වෛද්‍යවරියක්. ඇය රාගම වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානි විදිහට කාර්‍යබහුල ජීවිතයක් ගතකරනවා. සමහර දවස්වලට පාන්දර තුනේ ඉඳලා වැඩ. එයාට ඕන සේවයක් කරන්න. කරලා හොඳක් අහන්නත් නැහැ. සමහර වෙලාවට එයා ඇතැම් දේවල්වලින් මානසිකව විදවනවා මම දැකලා තියෙනවා. ඉතිං මම කියනවා කොච්චර කළත් වැඩක් නැහැනෙ කියලා. එයා ඒ වෙලාවට කියනවා කමක් නැහැ මම හරි දේ කළා නම් හරි කියලා එයා තෘප්තිමත් විදිහට රැකියාව කරගෙන යනවා. විදෙස් රටවල් වලින් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරන්න ආව අවස්ථා ඔක්කොම එයා අපේ රටේ දරුවන් වෙනුවෙන් කැප කරන්න ඕන කියලා මඟ හැරියා. ඒ නිසා එයාට නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දීලා පුළුවන් විදිහට එයාට හයියක් වෙලා ඉන්නවා. දරුවෝ ගෙදර කටයුතු ගැන මම ටිකක් වැඩිපුර බලනවා. මඟ හැරෙන අවස්ථාත් නැතුවම නෙමෙයි .”

ඉතින් ඔවුන්ගේ ජීවිත දවසින් දවස සාර්ථක වේවා  කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

මම විඳවලා අන්තිමට දික්කසාද උනා මනුස්සයාගෙන් ගුටි කකා ඉන්න බැරි නං ඒක තමයි කරන්න ඕනි දේ

ශ්‍රීමාලී ෆොන්සේකා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්.ටික කාලයක් ක්ෂේත්‍රය පුරාවටම නිහඩ වෙලා හිටපු ඇය ඔන්න ආයෙමත් සැරයක් කලා කටයුතුත් එක්ක එකතු වෙලා විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ඇවිල්ලා.

ඒ දේවල් එක්ක අය ගැන වැඩිපුර කතාබහ කරන්න පටන් ගත්තා රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයක් තුළ තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගත් ඇය අද වන විට සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන කෙනෙක්.හැබැයි මීට කලින් ඒ කියන්නේ ඇයගේ අතීත ජීවිතය දිහා බැලුවහම ඇය සතුටින් නෙවෙයි ජීවත් වෙලා තියෙන්නේ. අම්මලගේ කැමැත්තට විවාහ වෙලා ඇය ජීවිතේ ගොඩක් විඳවපු කෙනෙක්. ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අම්මලගේ කැමැත්තට විවාහ වුණාට පස්සේ මම ගොඩක් පීඩනයකින් හිටියා.මම දික්කසාද වෙන තත්වෙකට ආවා.හැබැයි මම හිතුවා මම මෙහෙම කරොත් මගේ සහෝදරයන්ට ලැජ්ජාවක් වෙයිද මගේ අම්මලට ලැජ්ජාවක් වෙයිද කියලා.මම හිත හිත හිටියා එතන ලොකු කතාවක් තියෙනවා.ස්වාමිපුරුෂයාගෙන් ගුටි කකා ඉන්න බැරි නම් ගෙදර හැමදාම ප්‍රශ්න නම්, එතනින් ගැලවිලා එලියට ආවට පස්සේ ඔයා දික්කසාද වෙච්ච කෙනෙක් කියලා ඇඟිල්ල දික් කරනවා නම් ඇත්තටම ඒක නරක වැඩක්”

ඔන්න ඔය විදිහට තමයි ඇය අයගේ පෞද්ගලික ජීවිතේ අත්දැකීම් එක්ක ඒ සංවේදී කතාව ගැන කියලා තිබුණේ.

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo